Sewanalle Na Song Lyrics - සෙවණැල්ලේ නෑ ගීතයේ පද පෙළ

Sewanalle Na Song Lyrics - සෙවණැල්ලේ නෑ ගීතයේ පද පෙළ
Song Title : Sewanalle Na (සෙවණැල්ලේ නෑ)
ගායනය : මාලිනී බුලත්සිංහල සහ පිරිස
පද : ලූෂන් බුලත්සිංහල
තනුව : ප්‍රේමසිරි කේමදාස


හා හා හාහා හා... ///

(ලා ලා ලලලප්පා) //

සෙවණැල්ලේ නෑ ඇස් කන් ඉඳුරන්
සිත ඉව අල්ලයි නිරන්තරේ
අතනාරි ලුහුබඳී ලෝබයෙන්
මේ තමා ..... ඒ
ආදරේ

(ලා ලා ලලලප්පා)
හා හා හාහා හා... ///

පින්නෙන් පෑහී නා මල නෑඹුල්
සුවඳින් වැලපී හෙමින් සැරේ
නින්දක් නැති හද ගින්නෙන් රතුවී
අළුයම් සයුර සිඹී

සෙවණැල්ලේ නෑ ඇස් කන් ඉඳුරන්
සිත ඉව අල්ලයි නිරන්තරේ
අතනාරි ලුහුබඳී ලෝබයෙන්
මේ තමා ..... ඒ
ආදරේ

(ලා ලා ලලලප්පා)
හා හා හාහා හා... ///

නෑදෑ කමටද සමනලයින්නේ
රෑනින් රෑනට ඉගිලෙන්නේ
පරෙවි තටු ගසා
ප්‍රථම ප්‍රේමයේ
මිහිරයි ඉගිල ගියේ

සෙවණැල්ලේ නෑ ඇස් කන් ඉඳුරන්
සිත ඉව අල්ලයි නිරන්තරේ
අතනාරි ලුහුබඳී ලෝබයෙන්
මේ තමා ..... ඒ
ආදරේ

හා හා හාහා හා... (හා හා හාහා හා...) ////

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment