Nagam Yana Yaluwane Song Lyrics - නෑගම් යන යාළුවනේ ගීතයේ පද පෙළ

Nagam Yana Yaluwane Song Lyrics - නෑගම් යන යාළුවනේ ගීතයේ පද පෙළ
Song Title : Nagam Yana Yaluwane (නෑගම් යන යාළුවනේ)
ගායනය : ප්‍රදීපා ධර්මදාස සහ හේමන්ති රණසිංහ
පද රචනය : නිලාර් එන්. කාසිම්
තනුව හා සංගීතය : නවරත්න ගමගේ


නෑගම් යන යාළුවනේ යාපනේට ඇවිත් යන්න
මිතුරු සුවඳ අළුත් වෙන්න අලිමංකඩ පැන වඩින්න
අලිමංකඩ පැන වඩින්න

යාපනයේ පොත් ගුල ළඟ කඳුළු බිඳක් තියා එන්න
යාළුවනේ අළුත් පැතුම් දළුලනවා හිත පිරෙන්න

තල් අරණේ ගිනි නිවන්න
සිනා වතක් මටත් දෙන්න
සිනා වතක් මටත් දෙන්න

සිනහවකට මඟ කියන්න
එන්න කඳුළු බෙදාගන්න
එන්න කඳුළු බෙදාගන්න

නෑගම් යන යාළුවනේ යාපනේට ඇවිත් යන්න
මිතුරු සුවඳ අළුත් වෙන්න අලිමංකඩ පැන වඩින්න
අලිමංකඩ පැන වඩින්න

යාපනයේ පොත් ගුල ළඟ කඳුළු බිඳක් තියා එන්න
යාළුවනේ අළුත් පැතුම් දළුලනවා හිත පිරෙන්න

හීන් හිරුට හිනාවෙන්න
යුද දුම පිසලන්න ඔන්න
යුද දුම පිසලන්න ඔන්න

කවි එළිවැට බිඳන් එන්න
ඒ අවි බිම තියමු ඔන්න
ඒ අවි බිම තියමු ඔන්න

නෑගම් යන යාළුවනේ යාපනේට ඇවිත් යන්න
මිතුරු සුවඳ අළුත් වෙන්න අලිමංකඩ පැන වඩින්න
අලිමංකඩ පැන වඩින්න

යාපනයේ පොත් ගුල ළඟ කඳුළු බිඳක් තියා එන්න
යාළුවනේ අළුත් පැතුම් දළුලනවා හිත පිරෙන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment