Adara Gangulehi Iwure Randi Song Lyrics - ආදර ගඟුලෙහි ඉවුරෙ රැඳී ගීතයේ පද පෙළ

Adara Gangulehi Iwure Randi Song Lyrics - ආදර ගඟුලෙහි ඉවුරෙ රැඳී ගීතයේ පද පෙළ

Adara Gangulehi Iwure Randi Song Lyrics - ආදර ගඟුලෙහි ඉවුරෙ රැඳී ගීතයේ පද පෙළ
Song Title : Adara Gangulehi Iwure Randi (ආදර ගඟුලෙහි ඉවුරෙ රැඳී)
ගායනය : ශ්‍රීමතී තිලකරත්න, වික්ටර් රත්නායක
සංගීතය : වික්ටර් රත්නායක
ගී පද : ප්‍රේමකීර්ති ද අල්විස්


ආදර ගඟුලෙහි ඉවුරෙ රැඳී
සහන පවන් සැලූ
මා ළඟ ඔබ සිටිනා විටදී
ලොවම දැකුම්කලු //

මල් වැල් වන විල් පිරී ගියේ
සෙවණ දෙවන්නලු
බිඳු නඳ විහඟුන් ඉගිල්ලුනේ
මිහිරෙ රැඳෙන්නලු
පුන් සඳ නැගුනෙත් අහස් තලේ
අපට බලන්නලු
දෙනෙතට කඳුලැලි තුරුල් කලේ
පෙමට අඬන්නලු
පෙමට අඬන්නලු

ආදර ගඟුලෙහි ඉවුරෙ රැඳී... //

මී වද මී පැණි පිරී ගියේ
දෙතොලෙ රඳන්නලු
දේදුනු ඕවිලි මැවී ගියේ
ලොවම පිනන්නලු
මේ ලොව මා ඉපදුනේ ප්‍රියේ
ඔබව ලබන්නලු
ඒ හැර ලැබුණත් පලක් නැතේ
ඉසුරු මැණික් මලු
ඉසුරු මැණික් මලු

ආදර ගඟුලෙහි ඉවුරෙ රැඳී... //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment