Hitha Gava Danga Kala Song Lyrics - හිත ගාව දඟ කලා ගීතයේ පද පෙළ

Hitha Gava Danga Kala Song Lyrics - හිත ගාව දඟ කලා ගීතයේ පද පෙළ
Song Title : Hitha Gava Danga Kala (හිත ගාව දඟ කලා)
ගායනය : වික්ටර් රත්නායක
සංගීතය : වික්ටර් රත්නායක
ගී පද : කුසුම් පීරිස්


හිත ගාව දඟ කලා
නෙතු ගාව හිනැහුනා
පැතුමකට ඉඟි කලා
හදක ආරාධනා //

සන්සුන් වු කල්පනා
විජිතයේ පාවුනා
ඔබේ සෙනෙහස ගෙනා
මිහිරි ආරාධනා
මල් පිපුණු තාරකා
විමානේ තනි වුණා
හැඟුම් මන්මත් කලා
සුසුම් ආරාධනා

හිත ගාව දඟ කලා
නෙතු ගාව හිනැහුනා
පැතුමකට ඉඟි කලා
හදක ආරාධනා

සිනිඳු මල් පෙති පුරා
බඹර ගී ලියැවුනා
සිවු නෙතක් ළං කළා
ඔබේ ආරාධනා
කුරුළු ගී පාවුනා
නිල් ගුවන් ගැබ පුරා
වසත් කල ළං කළා
සෙනෙහෙ ආරාධනා

හිත ගාව දඟ කලා
නෙතු ගාව හිනැහුනා
පැතුමකට ඉඟි කලා
හදක ආරාධනා //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment