Kohe Sita Oba Song Lyrics - කොහේ සිට ඔබ ගීතයේ පද පෙළ

Kohe Sita Oba Song Lyrics - කොහේ සිට ඔබ ගීතයේ පද පෙළ
Song Title : Kohe Sita Oba (කොහේ සිට ඔබ)
ගායනය : වික්ටර් රත්නායක
සංගීතය : වික්ටර් රත්නායක
ගී පද : කේ.ඩී.කේ. ධර්මවර්ධන


කොහේ සිට ඔබ පැමිණියේදෝ
සිහිනයේ රැඳුණු ඒ අප්සරා
මගේ ඉරබටු තාරකා
ඔබට ගැයෙනා නැවුම් කුළුඳුල්
ප්‍රේම ගීයයි මේ
කොහේ සිට ඔබ පැමිණියේදෝ

දෙනෝදාහක් අවට සිටියද
තනිවෙලා වේදනා වින්දෙමි මම්
නුවන් දාහක් අවට දුටුවද
දෙනෙත නලවන නෙතක් නුදුටිමි මම්
කොහේ සිට ඔබ පැමිණියේදෝ

පාළු ගනඳුරු රුදුරු රෑ මැද
නෙත වසා ආදරේ පැතුවෙමි මම්
මගේ සුසුමන් දැනෙන තරමට
ඔබට ළං වී කෙදින හිඳිමිද මම්

කොහේ සිට ඔබ පැමිණියේදෝ
සිහිනයේ රැඳුණු ඒ අප්සරා
මගේ ඉරබටු තාරකා
ඔබට ගැයෙනා නැවුම් කුළුදුල්
ප්‍රේම ගීයයි මේ
කොහේ සිට ඔබ පැමිණියේදෝ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment