Manaranjana Darshaniya Lanka Song Lyrics - මනරංජන දර්ශනීය ලංකා ගීතයේ පද පෙළ

Manaranjana Darshaneya Lanka Song Lyrics - මනරංජන දර්ශනීය ලංකා ගීතයේ පද පෙළ
Song Title : Manaranjana Darshaneya Lanka (මනරංජන දර්ශනීය ලංකා)
ගායනය : කේ. රාණි සහ පිරිස
පද රචනය : ආනන්ද සමරකෝන්
තනුව : ආනන්ද සමරකෝන්
1953 දී තිරගතවූ "සුජාතා" චිත්‍රපටියේ ගීයකි.


මනරංජන දර්ශනීය ලංකා

මනරංජන දර්ශනීය ලංකා
මාතා අති රමණී //
කිත් පැසසුම් ලැබ දස දෙස පූජිත
සුන්දර අප සිරි ලක් මෑණී
සැරදේ ... සැරදේ ...
සැරදේ ලක් මවුනී
වැජඹේවා සව් සිරිනී
මනරංජන දර්ශනීය ලංකා

ශුද්ධ නගර අනුරාධපුරේ සහ පොළොන්නරුව පැරණී
සීගිරිය ද සිහිපත් කරවයි පෙර බැබලුණු දීප්තිය දස අතිනී
සැරදේ ... සැරදේ ...
සැරදේ ලක් මවුනී
වැජඹේවා සව් සිරිනී
මනරංජන දර්ශනීය ලංකා

පුරාතනේ විසු රජ දරුවෝ
ගාමිණි මහසෙන් පැරකුම්බා
නිම කළ මහ වැව් පොකුණු ද දාගැබ්
අද දින ඇත නොනැසී සෝබා
සැරදේ ... සැරදේ ...
සැරදේ ලක් මවුනී
වැජඹේවා සව් සිරිනී
මනරංජන දර්ශනීය ලංකා

පෙම්බර ලක් මව අද දින නිදහස් සුවයෙන් නැළවෙන්නී
සුවඳැති මල් පිබිදී කෙත් ගොයමින
බරවී සුළඟේ රඟදෙන්නී
සැරදේ ... සැරදේ ...
සැරදේ ලක් මවුනී
වැජඹේවා සව් සිරිනී
මනරංජන දර්ශනීය ලංකා

ශ්‍රී විභූතියෙන් සපිරුණු මේ මව්බිම සුන්දර අති රමණී
ශ්‍රී විභූතියෙන් සපිරුණු මේ මව්බිම සුන්දර අති රමණී
සව් සිරියෙන් සරු කරනට අපි සැම
ඉදිරිව යමු යමු හද බැතිනී
ඉදිරිව යමු යමු හද බැතිනී
මනරංජන දර්ශනීය ලංකා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment