Sowin Piri Mage Hadawatha Song Lyrics - සොවින් පිරි මගේ හදවත ගීතයේ පද පෙළ

Sowin Piri Mage Hadawatha Song Lyrics - සොවින් පිරි මගේ හදවත ගීතයේ පද පෙළ
Song Title : Sowin Piri Mage Hadawatha (සොවින් පිරි මගේ හදවත)
ගායනය : මහාචාර්ය සනත් නන්දසිරි
පද රචනය : පියල් ප්‍රේමනාත් ජයතිලක
තනුව : මහාචාර්ය සනත් නන්දසිරි


සොවින් පිරි මගේ හදවත
තුළින් මතු වෙවී පිට වන
හැඟුම් කැටි ගැසී ගෙන දේ
සිතට වේදනා
සුවෙන් මා එදා සැතපූ
යහන් මත මහත් විස කටු
තිබෙන්නාවු ලෙසට දැනේ
ගතට වේදනා

ගතත් වේදනාවෙන් පිරි
සිතත් සෝ දුකින් බරවී
දෙනෙත් අඳ නොවී තිබුණත්
ඉනුත් නැහැ සුවේ
කණත් බිහිරි වී නැති මුත්
අමුත්තක් වෙලා නැහැ කිසි
එහෙත් ඉන් හොඳක් මිහිරක්
මෙතෙක් නැහැ ඇසී
මෙතෙක් නැහැ ඇසී
මෙතෙක් නැහැ ඇසී

සොවින් පිරි මගේ හදවත
තුළින් මතු වෙවී පිට වන
හැඟුම් කැටි ගැසී ගෙන දේ
සිතට වේදනා

දෙ අත් සහ දෙපා කොරවී
නැතත් ඉන් ලබන්නට හැකි
කිසිත් සම්පතක් සතුටක්
මෙතෙක් නැහැ ලැබී
මිහිරි යන වදන පමණක්
අසා ඇති නමුත් ඒ තුළ
ඇහිරිලා තිබෙන අරුතක්
මෙතෙක් නැහැ ඇසී
මෙතෙක් නැහැ ඇසී
මෙතෙක් නැහැ ඇසී

සොවින් පිරි මගේ හදවත
තුළින් මතු වෙවී පිට වන
හැඟුම් කැටි ගැසී ගෙන දේ
සිතට වේදනා
සුවෙන් මා එදා සැතපූ
යහන් මත මහත් විස කටු
තිබෙන්නාවු ලෙසට දැනේ
ගතට වේදනා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment