Sith Neth Mahath Thadina Song Lyrics - සිත් නෙත් මහත් තදින ගීතයේ පද පෙළ

Sith Neth Mahath Thadina Song Lyrics - සිත් නෙත් මහත් තදින ගීතයේ පද පෙළ
Song Title : Sith Neth Mahath Thadina (සිත් නෙත් මහත් තදින)
ගායනය : මහාචාර්ය සනත් නන්දසිරි
පද රචනය : පූජ්‍ය වැලමිටියාවේ ධම්මරක්ඛිත හිමි
තනුව : මහාචාර්ය සනත් නන්දසිරි
"අනෝමා" ගුවන් විදුලි ගීත නාටකයෙනි.


සිත් නෙත් මහත් තදින
ගත් ගත් ගමන් බඳින
සත්වගට දුක් දෙවන තුංගා
සසර බිය නැති කරන
අදිටනින් හද පිරුණ
කුමරු තම අසුගෙ පිට නැංගා //

කන්ථකට සන්කරන චන්න අතවැසි සමග
තිදෙන පත්වුනි අනොම ගංගා //
ළංවෙමින ගංතෙරට
ඉන් සැණින් පැන එපිට
හන් පිළී පසෙක ලා හංගා

සිත් නෙත් මහත් තදින
ගත් ගත් ගමන් බඳින
සත්වගට දුක් දෙවන තුංගා
සසර බිය නැති කරන
අදිටනින් හද පිරුණ
කුමරු තම අසුගෙ පිට නැංගා

කන්ථකට සන්කරන චන්න අතවැසි සමග
තිදෙන පත්වුනි අනොම ගංගා //
රන් කගින කෙස් කළඹ කපා අහසට දමා
සන්තොසින ගති පැවිදි අංගා

සිත් නෙත් මහත් තදින
ගත් ගත් ගමන් බඳින
සත්වගට දුක් දෙවන තුංගා
සසර බිය නැති කරන
අදිටනින් හද පිරුණ
කුමරු තම අසුගෙ පිට නැංගා //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment