Waradak Kalath Hithakin Nowe Song Lyrics - වරදක් කළත් හිතකින් නොවේ ගීතයේ පද පෙළ

Waradak Kalath Hithakin Nowe Song Lyrics - වරදක් කළත් හිතකින් නොවේ ගීතයේ පද පෙළ
Song Title : Waradak Kalath Hithakin Nowe (වරදක් කළත් හිතකින් නොවේ)
ගායනය : මහාචාර්ය සනත් නන්දසිරි
පද රචනය : මහාචාර්ය ප්‍රණීත් අබේසුන්දර
තනුව : මහාචාර්ය සනත් නන්දසිරි


වරදක් කළත් හිතකින් නොවේ
රිදවන්නේ පළිගන්නෙ ඇයි?
ඔබ මෙන් ඇයත් ඇය මෙන් ඔබත්
මට මාගේ ඇස් දෙක වගෙයි //

ඔබෙ ගිනි නිවා ඇගෙ හිත දවා
අප එක්වෙලා කුමටදෝ //
වෙනසක් නොවී මගෙ හිස් අතින්
පිසළන්නේ කොයි කඳුළුදෝ

වරදක් කළත් හිතකින් නොවේ
රිදවන්නේ පළිගන්නෙ ඇයි?
ඔබ මෙන් ඇයත් ඇය මෙන් ඔබත්
මට මාගේ ඇස් දෙක වගෙයි

අසරණ ඔබයි තනිවුණු ඇයයි
මට සාප කර යාවිදෝ //
ඔබෙ ලෝකයෙන් ඇගෙ ලෝකයෙන්
සමුගන්න සිදු වේවිදෝ

වරදක් කළත් හිතකින් නොවේ
රිදවන්නේ පළිගන්නෙ ඇයි?
ඔබ මෙන් ඇයත් ඇය මෙන් ඔබත්
මට මාගේ ඇස් දෙක වගෙයි //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment