Lak Amma Song Lyrics - ලක් අම්මා ගීතයේ පද පෙළ

Lak Amma Song Lyrics - ලක් අම්මා ගීතයේ පද පෙළ
Song Title : Lak Amma (ලක් අම්මා)
Vocals : Sanka Dineth/Thakshila Ravinda/Thushan Rashmika/Tharusha Dilshan/Methuni Mehara/Hasini Sudasinghe/Tharushi Perera/Dulasha Yapa/Ruveen Vishmitha/Udula Anuk/Yohan Hettiarachchi/Radini Fernando/Shaenya Naethri/Himanshi Kavidya/Thilini Thathsarani/Majitha Vithanage/Nuthara Gamage/Asher Vihan/Rashani Divyanjali/Imesh Madusanka/Wageesha Munasinghe
Music : Sanka Dineth
Lyrics : Sashika Vishan
Mixed & mastered : Chamel Shavindha @ Trans Studios
Cinematography : Irushka Bogoda
Makeup & hair : Sandamali Neil Ariyarathana (Salon Waves)
Edit & color : Irushka Bogoda
Production Manager : Devindu C Katunarthna (DEW)
Production Coordinator : Keshini Miranda @ Trans Studios
Produced by Trans Studios 
Digital Media Manager : Prabodha Lakshan 


දිනයක් ඇවිත් සටනට එක් අරමුණක් කරා
යුධ නොනගිනා පිවිතුරු රන් බිමක් අරා
ලක් ජාතියේ සමගිය කෙළෙසූ කැනහිලුන් නසා
නැගිටිව්  මව් දෙරණෙ ප්‍රාණෙට පණ පොවන්නටා

සිහල දමිල මුස්ලිම් බර්ගර් සැම දන අවුලා
බෝම්බ කඩු හා මුගුරු දී වෛරය වපුරුවා
රැකි තිස්තුන් කෝටියක් දෙවියෝ සදහට පන්නා
රතු ලේ කඳුළු කැටයක් කර තනි කෙරුවා ලක් අම්මා

ධර්මෙන් රැකෙන්නට ධර්මය රැකි මනු පොලෝ තලේ
තරුණ ජවය නොදැනම ඩැහැගෙන සත් ධර්මේ බලේ
කුල භේද සදහට හිරකර දේශපාළුවන් ගතේ
පෙරමුණ ගනිව් අරගල කොඩි දරමින් සිව් දෙසේ

සිහල දමිල මුස්ලිම් බර්ගර් සැම දන අවුලා
බෝම්බ කඩු හා මුගුරු දී වෛරය වපුරුවා
රැකි තිස්තුන් කෝටියක් දෙවියෝ සදහට පන්නා
රතු ලේ කඳුළු කැටයක් කර තනි කෙරුවා ලක් අම්මා

සිහි තබා ගනිව් මියෙනා තුරා ලක් දරුවනේ
දැන තබා ගනිව් සිංහ වෙසින් එන හිවලුන් ගේ රගේ
භේද නොවෙව් සැම හට පොදු මනු ධජ සෙවනේ
රජකම් කලත් කල කම් මුදලට විකුණනු බැරි වේ

සිහල දමිල මුස්ලිම් බර්ගර් සැම දන අවුලා
බෝම්බ කඩු හා මුගුරු දී වෛරය වපුරුවා
රැකි තිස්තුන් කෝටියක් දෙවියෝ සදහට පන්නා
රතු ලේ කඳුළු කැටයක් කර තනි කෙරුවා ලක් අම්මා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment