Nil Dasin Song Lyrics - නිල් දෑසින් ගීතයේ පද පෙළ

Nil Dasin Song Lyrics - නිල් දෑසින් ගීතයේ පද පෙළ
Song Title : Nil Dasin (නිල් දෑසින්) |  by Sureni de Mel [2012]
Artist : Surenie De Mel 
Music : Achala Solomans
Lyrics : Surenie De Mel
(C) 2018 MAHARAJA ENTERTAINMENTS (Pvt) Ltd.


රහසින් ඇවිත් මුමුණා ගියා
ඒ කිව් වදන් සිත මත් කළා
ආයෙත් ඇවිත් මට ළං වෙලා
පවසන්නකෝ සිතු දේ ඔයා

නිල් දෑසින් බලාවි
මුවඟින් සිනාසී
මොනවාද කොඳුරා කියාවී (Baby)
ඔබේ ආදරේ මා හදේ තුරුළු කරනා
සදා පැතුම ඔබ වේ මගේ

නෑ තාම නෑ, ඔබ ආවෙ නෑ
සිහිනනේ වුවත් දුරස් වෙන්න බෑ
යන්තම් ඔබේ රුව දුටුවෙ මා
කොහෙදෝ ගියේ මා හැර දමා

නිල් දෑසින් බලාවි
මුවඟින් සිනාසී
මොනවාද කොඳුරා කියාවී (Baby)
ඔබේ ආදරේ මා හදේ තුරුළු කරනා
සදා පැතුම ඔබ වේ මගේ

මලින් මලට ඉගිලී මා එන්නම්
හදේ කවුලු ඇර මා බලන්නම්
සිතින් සිතන දේ මා පතන්නම්
එයයි මා පැතූ ආදරේ

නිල් දෑසින් බලාවී මුවඟින් සිනාසී
මොනවාද කොඳුරා කියාවී (Baby)
ඔබේ ආදරේ මා හදේ තුරුලු කරනා
සදා පැතුම ඔබ වේ මගේ
නිල් දෑසින් (ooohhhh baby)

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment