Ee Sonduru Samanal Song Lyrics - ඒ සොඳුරු සමනල් ගීතයේ පද පෙළ

Ee Sonduru Samanal Song Lyrics - ඒ සොඳුරු සමනල් ගීතයේ පද පෙළ
Song Title : Ee Sonduru Samanal (ඒ සොඳුරු සමනල්)
ගායනය : ශිහාන් මිහිරංග


ඒ සොඳුරු සමනල් වියේ
පිය නැගුව ඒ මාවතේ
සුවඳයි ඔබේ ආදර

හිනැහෙන්න සෙව්වන්දියේ
හිනැහෙන්න සෙව්වන්දියේ

කියන්න ඔබ ඇයි මා හැර යන්නේ
මට දරන්න බෑ නුඹ ඇයි මා හඬවන්නේ
මට දරන්න බෑ නුඹ ඇයි මා හඬවන්නේ

ඔය නිල් නෙතු ඇයි අද මා දෙස නොබලන්නේ
ඔය නිල් නෙතු ඇයි අද මා දෙස නොබලන්නේ

සුදු රෝස දවටා අද මනාලියක් වී ඔබ හරි ලස්සනයි
මගෙ නෙතු ළග කිසිදා නොරැදුණු
කඳුලක් අද ඔබ දැක මගේ හිත පාරයි
හිනැහෙන්න සෙව්වන්දියේ
හිනැහෙන්න සෙව්වන්දියේ

කියන්න ඔබ ඇයි මා හැර යන්නේ
මට දරන්න බෑ නුඹ ඇයි මා හඬවන්නේ
මට දරන්න බෑ නුඹ ඇයි මා හඬවන්නේ

ඔය නිල් නෙතු ඇයි අද මා දෙස නොබලන්නේ
ඔය නිල් නෙතු ඇයි අද මා දෙස නොබලන්නේ

මළ හිරු බැස යන යාමේ සමුදෙන්නද ඔබ මේ සැරසෙන්නේ
ඔබේ සෙනේ කිසිදා මා අත් හරිනා බව සිත නෑ පිළිගන්නේ

හිනැහෙන්න සෙව්වන්දියේ
හිනැහෙන්න සෙව්වන්දියේ

ඒ සොඳුරු සමනල් වියේ
පිය නැගුව ඒ මාවතේ
සුවඳයි ඔබේ ආදර

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment