Rana Hansa Yuwala Song Lyrics - රණ හංස යුවල ගීතයේ පද පෙළ

Rana Hansa Yuwala Song Lyrics - රණ හංස යුවල ගීතයේ පද පෙළ
Song Title : Rana Hansa Yuwala (රණ හංස යුවල)
ගායනය : සමිතා එරන්දතී මුදුන්කොටුව
පද : ආචාර්ය අජන්තා රණසිංහ
තනුව : සරත් ද අල්විස්


රණ හංස යුවල නිමල නිල් ජලාශේ
මන නන්දනීය දසුන් නංවනා
සිහින යහනේ
දකින සිහිනේ
රතු රෝස මලක් ළයට ළංවුණා
පෙමින් බැඳුණෝ
සිතින් දකිනා
ඒ සිහින මහද මියුරු කල්පනා 
රණ හංස යුවල නිමල නිල් ජලාශේ

ගල් ලෙන්හි සැඟවූ කුමාරී
මුදවන්න තුරඟුන් අරා
ආවා සෙ කුමරෙක් පුරාණේ
කුමරා මගේ එන්නෙදෝ
ඔහු ආදරෙයි
මා ආදරෙයි
මුළු ජීවිතේ 

රණ හංස යුවල නිමල නිල් ජලාශේ
මන නන්දනීය දසුන් නංවනා
සිහින යහනේ
දකින සිහිනේ
රතු රෝස මලක් ළයට ළංවුණා
පෙමින් බැඳුණෝ
සිතින් දකිනා
ඒ සිහින මහද මියුරු කල්පනා
 රණ හංස යුවල නිමල නිල් ජලාශේ
 
සංසාර සංසාරයේහී
උන්නාලු ඔහු මා ළඟින්
දොරගුල් දමා හැංගුවත් මා
සඟවන්න බෑ පෙම් හැඟුම්
අප ප්‍රේමයේ
සංග්‍රාමයෙන්
ජය ගන්නවා 

රණ හංස යුවල නිමල නිල් ජලාශේ
මන නන්දනීය දසුන් නංවනා
සිහින යහනේ
දකින සිහිනේ
රතු රෝස මලක් ළයට ළංවුණා
පෙමින් බැඳුණෝ
සිතින් දකිනා
ඒ සිහින මහද මියුරු කල්පනා
රණ හංස යුවල නිමල නිල් ජලාශේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment