Kadakale Ei Song Lyrics - කඩකළේ ඇයි ගීතයේ පද පෙළ

Kadakale Ei Song Lyrics - කඩකළේ ඇයි ගීතයේ පද පෙළ
Song Title : Kadakale Ei (කඩකළේ ඇයි)
ගායනය : අතුල අධිකාරි සහ සමිතා එරන්දතී මුදුන්කොටුව
පද : පූජ්‍ය හිනිදුම පියනන්ද හිමි
තනුව : රෝහණ වීරසිංහ


කඩකළේ ඇයි දුන් පොරොන්දුව
ඇසල සඳ පෑයූ රැයේ
මහද සුපිපුණු රෝස කුමරුනි
එදා ඒ ලස්සන දිනේ

කඩකළේ නෑ දුන් පොරොන්දුව
ඇසල සඳ පෑයූ රැයේ
මහද සුපිපුණු රෝස කැකුළිය
එදා ඒ ලස්සන දිනේ

වැව පුරා සුදු නෙළුම් පිපුණා
ගම පුරා මුළු සුවඳ හැමුවා
එදා නුඹ දුටු දිනේ ඉඳලා
මගේ හද මල පිපී දිලුණා

කඩකළේ ඇයි දුන් පොරොන්දුව
ඇසල සඳ පෑයූ රැයේ
මහද සුපිපුණු රෝස කුමරුනි
එදා ඒ ලස්සන දිනේ

කඩකළේ නෑ දුන් පොරොන්දුව
ඇසල සඳ පෑයූ රැයේ
මහද සුපිපුණු රෝස කැකුළිය
එදා ඒ ලස්සන දිනේ

තුරු ලතා වල සුවය විඳිමින්
නිදැල්ලේ නුඹ ගැනම සිතුවා
රුක් ගසේ රුක්මල් සුගන්ධෙන්
කුමරි ඔබගේ සුවඳ දැනුණා

කඩකළේ ඇයි දුන් පොරොන්දුව
ඇසල සඳ පෑයූ රැයේ
මහද සුපිපුණු රෝස කුමරුනි
එදා ඒ ලස්සන දිනේ
කඩකළේ නෑ දුන් පොරොන්දුව
ඇසල සඳ පෑයූ රැයේ
මහද සුපිපුණු රෝස කැකුළිය
එදා ඒ ලස්සන දිනේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment