Gayanu Mena Nihanda Giyak Song Lyrics - ගයණු මැන ආදරේ නිහඬ ගීයක් ගීතයේ පද පෙළ

Gayanu Mena Nihanda Giyak Song Lyrics - ගයණු මැන ආදරේ නිහඬ ගීයක් ගීතයේ පද පෙළGayanu Mena Nihanda Giyak Song Lyrics - ගයණු මැන ආදරේ නිහඬ ගීයක් ගීතයේ පද පෙළ
Song Title : Gayanu Mena Nihanda Giyak (ගයණු මැන ආදරේ නිහඬ ගීයක්)
ගායනය : සමිතා එරන්දතී මුදුන්කොටුව
පද : දිලුප් ගබඩාමුදලිගේ
තනුව : දිලුප් ගබඩාමුදලිගේ


තව එක් වරක් මා දෙස බලා
ගයණු මැන ආදරේ නිහඬ ගීයක් ...

ආදරේ නාමයෙන්
මා ගී ගැයුවත්
ඔහු දෙනෙත් බලා කීවේ
වදනක් පමණයි
ඒ වදනේ සැඟවී ඇති
අපමණ ආදර ගී
වැටහුණු බව ඔබේ සිතට
එලෙසින් තේරෙයි

ඔබවන් රසක්
ඔබවන් සිතක්
මට අහිමි වූයේ ඇයි
තව එක් වරක් මා දෙස බලා
ගයණු මැන ආදරේ නිහඬ ගීයක්

ඔබගේ දඟකාර සිනහව
මතකේ මිරිඟුවක්
මිරිඟුවේ බොල් බව
දැන් මට වැටහේ
බොරුවට වුණත් ප්‍රියේ
පවසණු නෙත් සලා
හැමදා ඔබ මගෙයි කියා
සිතින්වත් සැනසෙන්නම්

ඔබවන් රසක්
ඔබවන් සිතක්
මට අහිමි වූයේ ඇයි
තව එක් වරක් මා දෙස බලා
ගයණු මැන ආදරේ නිහඬ ගීයක් //

තව එක් වරක් මා දෙස බලා
ගයණු මැන ආදරේ නිහඬ ගීයක් ..

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment