Sada Mama Nam Song Lyrics - සඳ මම නම් ගීතයේ පද පෙළ

Sada Mama Nam Song Lyrics - සඳ මම නම් ගීතයේ පද පෙළ

Sada Mama Nam Song Lyrics - සඳ මම නම් ගීතයේ පද පෙළ
Song Title : Sada Mama Nam (සඳ මම නම්)
ගායනය : පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව සහ සමිතා මුදුන්කොටුව
පද : ආචාර්ය අජන්තා රණසිංහ
තනුව හා සංගීතය : මෝහන් රාජ්

සඳ මම නම්
හඳපාන ගලා යන සඳලුතලාවේ
මම දුටුවෙම් සත්ගොමු පියුමින් බබළන රංග ලතාවන්

හිරු මම නම්
හිරුපාන ගලා යන වීදි අගුපිලේ
මම දුටුවෙමි ප්‍රාණය ගැහෙනා ගුලි වූ අසරණ මිනිසුන්

සඳ මම නම්
හඳපාන ගලා යන සඳලුතලාවේ
 
නැඟ ඉන්ද්‍ර දිගින් ඔබ හිරු තෙද රැස් පතුරායා
සඳකැන් බරණින් ඔබ සඳ කොමලිය බබළායා

ඔය සැඩ රිවි රැස් හකුළා ගන්
පණ රඳවා ගැන්මේ 
වෙහෙසින් හති හළනා
දුහුනන් දුගියන් අසරණයින් නොපෙළන්

හිරු මම නම්
හිරුපාන ගලා යන වීදි අගුපිලේ

නෙක තරු සහසක් සොමි කැල්මෙන් පරදන බිසොවුන්
දැක දස බිම්බර සෙන් නොසැලුණු සූරිය නිරිඳුන්

පෙම් රජ දහනට ඔබ පායන්
සිප බද කොමලතිනී
මුව මී පොවා පියා
ආලිංගනයෙන් මත් වූවන් සනහන්සඳ මම නම්
හඳපාන ගලා යන සඳලුතලාවේ
මම දුටුවෙම් සත්ගොමු පියුමින් බබළන රංග ලතාවන්
 
හිරු මම නම්
හිරුපාන ගලා යන වීදි අගුපිලේ
මම දුටුවෙමි ප්‍රාණය ගැහෙනා ගුලි වූ අසරණ මිනිසුන්

සඳ මම නම්
හඳපාන ගලා යන සඳලුතලාවේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment