Obage Mathaken Song Lyrics - ඔබගේ මතකෙන් ගීතයේ පද පෙළ

Obage Mathaken Song Lyrics - ඔබගේ මතකෙන් ගීතයේ පද පෙළ
Song Title : Obage Mathaken (ඔබගේ මතකෙන්)
ගායනය : ශිහාන් මිහිරංග
සංගීතය : රධීෂ් වන්දෙබොන
පද රචනය : සජිත් චතුරංග


ඔබගේ මතකෙන් මට යන්නට බෑ කිසිදා
දෙනෙතේ කදුලැල් අඩු වෙන්නේ නැති හින්දා
හිඳිනා තැනින් මෙලොවේ
ඔබ එන්න යලි මා කෙරේ
ඔබගේ මතකෙන් මට යන්නට බෑ කිසිදා
දෙනෙතේ කදුලැල් අඩු වෙන්නේ නැති හින්දා

ලං වෙලා කී කතා පා වෙලා මා දමා
පෑ සිනා පෑ රිලා යා වෙලා වේදනා
හැමටත් වඩා වැඩියෙන් විශ්වාස කෙරුවේ ඔයා
විශ්වාසෙ කඩකළ ඔයාට මං ආදරෙයි සදා

පෙම් කළා යැයි කියා මා රැවටුවත් ඔයා
සෑම දා පතන්නේ මා දෙන්න එපා දුකක් කියා
ඇතිනම් හිතේ අනුකම්පා ඔබ එන්න නැවතත් සොයා
රවටාල වෙන් වී ගියාට මං ආදරෙයි සදා

ඔබගේ මතකෙන් මට යන්නට බෑ කිසිදා
දෙනෙතේ කදුලැල් අඩු වෙන්නේ නැති හින්දා
හිඳිනා තැනින් මෙලොවේ
ඔබ එන්න යලි මා කෙරේ
ඔබගේ මතකෙන් මට යන්නට බෑ කිසිදා
දෙනෙතේ කදුලැල් අඩු වෙන්නේ නැති හින්දා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment