Mathaka Pitu (Hudakalawe Mama Ada Thaniwennam) Song Lyrics - මතක පිටු (හුදකලාවේ මම අද තනිවෙන්නම්) ගීතයේ පද පෙළ

Mathaka Pitu (Hudakalawe Mama Ada Thaniwennam) Song Lyrics - මතක පිටු (හුදකලාවේ මම අද තනිවෙන්නම්) ගීතයේ පද පෙළ
Song Title : Mathaka Pitu (Hudakalawe Mama Ada Thaniwennam) (මතක පිටු (හුදකලාවේ මම අද තනිවෙන්නම්))
Artist : RASHAA
Lyrics : RASHAA
Prod By : DJ THIV


(Rashaa)
විටෙක වැයුවා ම තනිවම ගිටාරේ
කෙල්ලේ උබේ ආදරෙන් මං හිටියේ එදා මුලා වී
ආදර වදනින් දුන් හාදුව මතක් වී
දිය දෝතක් පැණි මඩ වගුරක කැළඹෙ

සුදු දෝණි කියා එදා රැඳි මගේ ලෝකෙ
ආදර වදනින් මට පෙව්ව උඹේ රාගෙ
අම්මා තාත්තා පවා නැති වුනු මගේ ලෝක
ඇසි පිය නොනිදා මා හඩයි රෑ යාමේ

දිව්‍යලෝක මම නැහැ මැව්වේ
මගේ නැති බැරි කම ලග මම ගොඩක් අසරණ වුණේ
මට නැතත් වත්කම මගේ ආදරේ
දෙන්න තමයි ආස කළේ නුඹට නිරන්තරෙ

පාසල් කාලේ නුඹ මගේ අතැඟිලි ඉඳගෙන
කියූ කතා මගෙ තනි හිතට මතක් උනි
එදා ගලක් වැනි සිත
අද නුඹ නැති නිසා තනි යහනාවක මිහිදන් උනි

මතක පිටුවක් පෙරලන තමයි ආස කළේ සිත
එදා හිටි උඹ කෝ අද ඉන්නේ මැරිල ද
මගේ ගිනියම් වුනු චිතකෙට
පණ දෙන්න හිටිය කුමරි නැතිවෙලා අද මම තනියම

කිව්වා මතකද ඔයා මගේ පණ වෙන්නම්
මට ජීවිතය පුදන්නම්
මා වෙනුවෙන් මිය යන්නම්
මට හයියක් වෙලා ඉන්නම්
මට නැති බැරි වුණු විටත් මගේ අත නොහැර මා ලගින් සිටින්නම්

ඔයාගේ වෙලා ඉන්න හීන තිබ්බා කෝටියක්
මතකද එදා උඹේ ගෙලේ පැළඳුවා මා මාලයක්
උඹ ලොවට මං වෙලාලු අද ඉතිං ලොකු ශාපයක්
මගේ ආලෙට තිතක් තියල ඉගෙන ගත්ත පාඩමක්

ඒක නිසා ආස කළේ මත්වෙන  දුමට
දුකක් නෑ බං උඹ නැහැ නැහැ කියා මගේ හිතට
මැරි මැරී උපදින මගේ ඉටි රුව ට
ගිනි තිබ්බනං සැපයි බං නවතී මේ කඳුල

සුදු දෝණි තමයි ඔයා මගේ ලෝකෙ වෙලා හිටිය සිත්තමක්
දැන් කරේ බැඳන් කරන්න හිටිය රැජින ඔයා කාලයක්
බං යද්දි තේරුණා මං උඹට වෙලා ඉන්නේ ශාපයක්
මෙ ජීවිතයට නැවතුමක් තියන්න ආව වාරයක්

මං පටන් ගත්ත තැන වැරදියි කියලා දුන්නේ ඔයා 
උඹට ආදරේ කලේ මං මගෙ ජීවිතය ම පුදා
මගේ ආලෙ අතැර ඔයා ගියේ වෙනතක් අද සොයා
එය ඔබේ සතුට කියා දන්නවා අද ඒකයි නිහඬ වෙලා

දුකක් නෑ මේ කියන්නේ මගේ ජීවිත කතාව
අඬන්නෑ ඔයා ගියත් අද වෙනතකට
අන්දකාරයෙන් එලියට යන්න මේක මගේ වෙලාව
මගේ තාලෙට මම ප්‍රිය ඒක මගේ කලාව

මගේ ප්‍රශ්න කිව්වනං මැරෙනවා ඔයා
ප්‍රශ්න කෝටි කෝටිගණන් තියා උඹ ගැන හිතා
උඹේ වෙන්න පැතූ නිසා මට වැරදිලා
යළි කවදාවත් පතනෙපා මගේ වෙන්න ඔයා

හුදකලාවේ මම අද තනිවෙන්නම්
නුඹේ මතකය පාරා
මගේ ලොව අද තනි වී ඉන්නම්
මතක පොත පෙරලන්නම්

පිළිගන්නවා මගේ අතිනුත් වැරදි වුණා
මම පැතු හීන ඔයා අතින් අද බොද වෙලා (වුනා)
වෙනතක ගිය නිසා ඔබයි මමයි වෙන්වෙලා
මම පැතූ හීන ගාව අද මම රජ වෙලා

අම්මා කිව්වේ එදා මොනා නැතත් නැගිටපං මයෙ පුතේ
උඹට හරි යනකොට රට්ටු වඩං යන්න එන්නෙ කරේ
කාලකන්නි  ජීවිතයට  නිමා තිබ්බා  මම නගේ
එදා මතක පිටුව පෙරල කියන කතාව මේක මගේ

දාසි වෙන්නෑ ඔයා ළඟ මම කවදාවත්
ගින්දර ගොඩක් මැද්දෙ ඇවිලෙන අලු අළු වූවත්
මහා සයුරක් මැද තනිවුනු තොටියෙක් මෙන්
අලුත් වචන එක ඇරැඹුම සෙව්වා දැන්

චිත්ත කේ ඇතුළෙ මම අද සිර වෙලා
උඹේ බොරු ආලයට මම වශී වෙලා
මගේ හද තුළ සෙල්ලම් කාලා ඔයා
අද ළඟ නැහැ මම ඉන්නේ සැනසිලා


FAST 
යනකො පාර මතකයන්
කෝ ලිව්ව ඔයා රචනයන්
හිත යට අද ලොකු හිස් තැනක්
පුරවන්න මදි උඹේ කථනයන්

ඔයා එදා ලස්සන සිත්තමක්
අද වෙලා ඔයා මට ප්‍රශ්නයක්
කටු මතින් මම යන ගමනට
අද වෙලා මට ඔයා මාරයා

නුඹේ සිතම මගේ හදවතේ තියන්
මතක පිටුවක් පෙරළා

මට වැරදුණු තැන මම  විමසන්නම්
චිතකෙ මගේ ගිනි තියලා

මා පැතූ සිහින ට මම පිය නගමින්
දැන් නික්මෙන්නම්

මට හිමි මෙය කියා මම සැනසෙන්නම්
යලි නුඹ නොපතන්නම්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment