Eka Nillen Serasiya Yuthu Maw Bhumiya Song Lyrics - එක නිල්ලෙන් සැරසිය යුතු මව් භූමිය ගීතයේ පද පෙළ

Eka Nillen Serasiya Yuthu Maw Bhumiya Song Lyrics - එක නිල්ලෙන් සැරසිය යුතු මව් භූමිය ගීතයේ පද පෙළ
Song Title : Eka Nillen Serasiya Yuthu Maw Bhumiya (එක නිල්ලෙන් සැරසිය යුතු මව් භූමිය)
ගායනය : සමිතා එරන්දතී මුදුන්කොටුව
පද : කුලරත්න ආරියවංශ
තනුව : රෝහණ වීරසිංහ


එක නිල්ලෙන් සැරසිය යුතු මව් භූමිය
ගින්නෙන් වනසන්නේ ඇයි
හසරැල්ලෙන් සැනසිය යුතු ලක් මෑණිය
සුසුමින් හඬවන්නේ ඇයි  //

කරුණාවෙන් තෙත් වූ හෙළ හදවත්
වෛරයෙ ගිනි ලූයේ කවුරුන් //
එක කුස හොත් සොයුරන් වන් මිනිසුන්
සතුරන් කර ලූයේ කවුරුන්

එක නිල්ලෙන් සැරසිය යුතු මව් භූමිය
ගින්නෙන් වනසන්නේ ඇයි
හසරැල්ලෙන් සැනසිය යුතු ලක් මෑණිය
සුසුමින් හඬවන්නේ ඇයි

මිනිසත්කම් ලොවටම පෑ සුදනන්
තිරිසන් ගති පෑවේ කෙළෙසින් //
සොයුරන් මිතුරන් වී පෙරදා මෙන්
එක්වන්නට යළි මඟ සරසන්

එක නිල්ලෙන් සැරසිය යුතු මව් භූමිය
ගින්නෙන් වනසන්නේ ඇයි
හසරැල්ලෙන් සැනසිය යුතු ලක් මෑණිය
සුසුමින් හඬවන්නේ ඇයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment