Gumu Gumuwa Wadule Song Lyrics - ගුමු ගුමුව වදුලේ ගීතයේ පද පෙළ

Gumu Gumuwa Wadule Song Lyrics - ගුමු ගුමුව වදුලේ ගීතයේ පද පෙළ
Song Title : Gumu Gumuwa Wadule (ගුමු ගුමුව වදුලේ)
ගායනය : සමිතා එරන්දතී මුදුන්කොටුව
පද : මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ
"විසි දැල" චිත්‍රපටියේ ගීයකි.
1998 හොඳම චිත්‍රපටි ගීත රචනය සඳහා ජනාධිපති සම්මානය මේ ගීයට හිමි විය.


ගුමු ගුමුව වදුලේ
සිලි සිලිය සුළඟේ
මුණු මුණුව නදියේ
කසු කුසුව ගඟුලේ
අදයි මට ඇසුණේ (අදයි මට ඇසුණේ) //

විහඟ මිහිරාවී
මුදු හඬින රාගී
(ආ..ආආ.... ආආ... ආආ.....)
විහඟ මිහිරාවී
මුදු හඬින රාගී
කොතැන තිබුණිද තී
අද ගයන මේ ගී

ගුමු ගුමුව වදුලේ
සිලි සිලිය සුළඟේ
මුණු මුණුව නදියේ
කසු කුසුව ගඟුලේ
අදයි මට ඇසුණේ (අදයි මට ඇසුණේ)

හද බඳුන ඉතිරිී
ගලන මී මිහිරී
(ආ..ආආ.... ආආ... ආආ.....)
හද බඳුන ඉතිරිී
ගලන මී මිහිරී
කොතැන නම් සැඟවී
තිබිණි දැයි සොයමී

ගුමු ගුමුව වදුලේ
සිලි සිලිය සුළඟේ
මුණු මුණුව නදියේ
කසු කුසුව ගඟුලේ
අදයි මට ඇසුණේ (අදයි මට ඇසුණේ) //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment