Kiri Weherata Ihalin Song Lyrics - කිරි වෙහෙරට ඉහලින් ගීතයේ පද පෙළ

Kiri Weherata Ihalin Song Lyrics - කිරි වෙහෙරට ඉහලින් ගීතයේ පද පෙළ
Song Title : Kiri Weherata Ihalin (කිරි වෙහෙරට ඉහලින්)
ගායනය : චන්දන ලියනාරච්චි


කිරි වෙහෙරට ඉහලින් දග කරන සඳවති
වැඩසිටි කන්දට ඔය අත වැනුවා දැන් ඇති
මැණික් ගග දිගට පෙම් කවි පිරෙයි මිහිරැති
අද මගේ වෙලා මා ලග නවතින්න සඳවති

තුරුපත් හිස් මුදුනින් සෙත් පතයි නැමී නැමී
සියපත් සිය දහසක් මල් පිපෙයි සුවඳැති
තිස්සෙම සිත දුරයයි ඇස්දෙකට නිදි නැති
අද මගෙත් එක්ක මගේ ගෙදර යමුද සඳවති

කිරි වෙහෙරට ඉහලින් දග කරන සඳවති
වැඩසිටි කන්දට ඔය අත වැනුවා දැන් ඇති
මැණික් ගග දිගට පෙම් කවි පිරෙයි මිහිරැති
අද මගේ වෙලා මා ලග නවතින්න සඳවති

මල් පහන් පැලට අඩුවක් නැති කදුලු වැහි දීදි
සිත් නිරන්තරව ඔය පස් මහා බැලුම් බැලු හැටි
සතර වරිගයම නැතුවත් අපට අපි ඇති
අද මගේ වෙලා මගේ ගෙදර යමුද සඳවති

කිරි වෙහෙරට ඉහලින් දග කරන සඳවති
වැඩසිටි කන්දට ඔය අත වැනුවා දැන් ඇති
මැණික් ගග දිගට පෙම් කවි පිරෙයි මිහිරැති
අද මගේ වෙලා මා ලග නවතින්න සඳවති

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment