Sudu (Mathu Dinaka) Song Lyrics - සුදූ (මතු දිනක) ගීතයේ පද පෙළ

Sudu (Mathu Dinaka) Song Lyrics - සුදූ (මතු දිනක) ගීතයේ පද පෙළ
Song Title : Sudu (Mathu Dinaka) (සුදූ (මතු දිනක))
ගායනය : මිලින්ද සඳරුවන්
පද රචනය : සජිත් වී. චතුරංග
සංගීතය : ප්‍රගීත් පෙරේරා


දෛවයේ ලියවී තිබූ
සෑම දේ ලැබුනත් පැතූ
මොහොතක් ඔබගෙ සෙනෙහේ
ලබන්නට පින් මදි වුනූ

අපට අප හිමි නැතිවුනු
ලෝකයෙන් පිටවී යමු
නැවතත් ලබන භවයේ
පෙම්වතුන් වී හමුවෙමු

මතු දි‍නෙක මම පොළොවෙ වැළලෙන තුරු
ඔබෙ දෑත මට අයිති නැතුවැති සුදූ //

වාව ගන්න බෑ මේ වේදනා පපුවට මගේ
හීනයක් වෙලාවත් එන්නෙ නෑ ඔබ පෙර වගේ
ලේ වලින් කුරුටු ගා දිවුරලා මං කියන්නම්
අද ලඟින් නැති වුනත් ආදරෙයි තාම මං

මතු දි‍නෙක මම පොළොවෙ වැළලෙන තුරු
ඔබෙ දෑත මට අයිති නැතුවැති සුදූ //

කාලයත් ගෙවීලා ගිය තරම් වේගෙන් අපේ
හිතා ගන්නවත් බෑ තත්පරෙන් තත්පරේ
රණ්ඩු වී යාළු වී සිටි අතීතේ සිහිකරන්
හෙට ඉදන් ඉමු දුරින් මතක අපගේ කර නිදන්

දෛවයේ ලියවී තිබූ...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment