Daffodil Male Song Lyrics - ඩැෆඩිල් මලේ ගීතයේ පද පෙළ

Daffodil Male Song Lyrics - ඩැෆඩිල් මලේ ගීතයේ පද පෙළ
Song Title : Daffodil Male (ඩැෆඩිල් මලේ)
ගායනය : දයාන් විතාරණ


හිත මා සොරාගෙන ගියේ ඇයිද ඩැෆඩිල් මලේ
හිම වාගෙ සුන්දර හස කැන් රඳවා හදේ
මුමුණා කියන්නේ නල රැළින් කඳු මානයේ
ඔබ තාම මාගෙමයි වසත් කල යෞවනියේ
ඔබ තාම මාගෙමයි වසත් කල යෞවනියේ

දුර ඈත ගං තෙරේ
සැඩ සීත මාරුතේ
වෙලී ගත ඈ
දැත ගෙන මා
හීන් වැහි කෝඩයේ

මුව කමල ආදරෙන්
සිප ගතිමි සීරුවෙන්
හැඟුම් සොඳුරුයී
රැඳුන නෙතඟේ
එවන් සැන්දැ කලේ

හිත මා සොරාගෙන ගියේ ඇයිද ඩැෆඩිල් මලේ
හිම වාගෙ සුන්දර හස කැන් රඳවා හදේ
මුමුණා කියන්නේ නල රැළින් කඳු මානයේ
ඔබ තාම මාගෙමයි වසත් කල යෞවනියේ
ඔබ තාම මාගෙමයි වසත් කල යෞවනියේ

විලෝතුරු මං පෙතේ
සඳ උවන පිපි රැයේ
කෝල ලෙස ඈ
දෑස සැලුවේ
දෑල වැල් පාලමේ

හද විලම ආදරෙන්
සසල විය මුදු සරින්
හැඟුම් සොඳුරුයි
රැඳුන මතකේ
එවන් සැන්දෑ කලේ

හිත මා සොරාගෙන ගියේ ඇයිද ඩැෆඩිල් මලේ
හිම වාගෙ සුන්දර හස කැන් රඳවා හදේ
මුමුණා කියන්නේ නල රැළින් කඳු මානයේ
ඔබ තාම මාගෙමයි වසත් කල යෞවනියේ
ඔබ තාම මාගෙමයි වසත් කල යෞවනියේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment