Lamathani Song Lyrics - ළමාතැනී ගීතයේ පද පෙළ

Lamathani Song Lyrics - ළමාතැනී ගීතයේ පද පෙළ
Song Title : Lamathani (ළමාතැනී)
ගායනය : සංගීත් විජේසූරිය


ආයෙත් මොනවත් ලියන්නෙ නෑ නුඹ වෙනුවෙන්
කිසිවක් කියන්නෙ නෑ ආයේ
ගමකට හිතන්නේ නෑ හිත ඇතිමුත්
ළමාතැනී මං නුඹට ලියු හොර ලියුම් අපරාදේ

කුලී ගෙදර තාමත් මට හෙවණයි
තනිකම සින්නක්කර නිවනයි
කුලී ගෙදර තවමත් මට හෙවණයි
තනිකම සින්නක්කර නිවනයි
නුඹ ලැබුණා නම් නෑ මේ ලෙඩ දුක්
කසාය නොව මං අද බොන්නේ සරුවත්

අයෙත් මොනවත් ලියන්නෙ නෑ නුඹ වෙනුවෙන්

කලඳක්වත් තෙත් නොවු හිතක් ගැන
කප්පරකට පැතු උතුම් පැතුම්
කලඳක්වත් තෙත් නොවු හිතක් ගැන
කප්පරකට පැතු උතුම් පැතුම්
පල දෙන්නේ නැති එක සත්තයි දැන්
ඔයින් ගියා ඇති රසබර ආල කෙරුම්

අයෙත් මොනවත් ලියන්නේ නෑ නුඹ වෙනුවෙන්
කිසිවක් කියන්නෙ නෑ ආයේ
ගමකට හිතන්නෙ නෑ හිත ඇතිමුත්
ළමාතැනී මං නුඹට ලියු හොර ලියුම් අපරාදේ

කසාය නොව මං අද බොන්නේ සරුවත්
ඔයින් ගියා ඇති රසබර ආල කෙරුම්
නුඹට ලියු හොර ලියුම් අපරාදේ
ඔයින් ගියා ඇති රසබර ආල කෙරුම්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment