Enna Yanna Mal Nelanna Song Lyrics - එන්න යන්න මල් නෙළන්න ගීතයේ පද පෙළ

Enna Yanna Mal Nelanna Song Lyrics - එන්න යන්න මල් නෙළන්න ගීතයේ පද පෙළ

Enna Yanna Mal Nelanna Song Lyrics - එන්න යන්න මල් නෙළන්න ගීතයේ පද පෙළ
Song Title : Enna Yanna Mal Nelanna (එන්න යන්න මල් නෙළන්න)
ගායනය : ලක්ෂ්මන් විජේසේකර සමග සමිතා මුදුන්කොටුව
පද රචනය : නිමල් රණවීර
තනුව : නවරත්න ගමගේ


එන්න යන්න
මල් නෙළන්න
මේ වසන්ත කාලයයි
 
සිතුම් පිපී හැඟුම් බරයි

ඒ උනාට මල් පිපෙන්නෙ
කටු අකුල් කැලේ //
මල් නෙළන්න ළං නොවන්න
කටු ඇනෙයි අතේ
මල් පිපෙන්නෙ අත ළඟින් නොවේ

උස් අතු නවා නෙළා
සිත් ලෙසේ සිඹින්නෙමි
 
සිත් ලෙසේ සිඹින්නෙමි

අතු බිඳෙයි බලාගෙනයි
හිත බිඳෙයි භයානකයි

එන්න යන්න
මල් නෙළන්න
මේ වසන්ත කාලයයි
 
සිතුම් පිපී හැඟුම් බරයි

ඇයිද ඉන්නෙ කල් බලා
වසන්ත කාලෙ යයි ගලා //

කටු ඇණී තුවාලවේ
හිත බිඳී හඬා වැටේ
ඒ නිසාම මල් නෙළන්න
යන්න එන්න බෑ

ඒ නිසාම මල් නෙළන්න
යන්න එන්න කෝ

යන්න එන්න බෑ
යන්න එන්න කෝ
යන්න එන්න බෑ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment