Seetha Sameere Song Lyrics - සීත සමීරේ ගීතයේ පද පෙළ

Seetha Sameere Song Lyrics - සීත සමීරේ ගීතයේ පද පෙළ
Song Title : Seetha Sameere (සීත සමීරේ)
ගායනය : අතුල අධිකාරි
පද : ආචාර්ය අජන්තා රණසිංහ
තනුව : අතුල අධිකාරි


සීත සමීරේ
සිනා සුරල් මැද
පිපුණු දෙළුම් මල්
අපි දෙන්නා ළඟ //

මා ජීවනේහී ආකාසේ ඔබ චන්ද්‍රයා
මල් දුනු පළඳා දැන් දැන් ඒවී අනංගයා

සීත සමීරේ
සිනා සුරල් මැද
පිපුණු දෙළුම් මල්
අපි දෙන්නා ළඟ

කෝකිළාදී පක්ෂියෝ දේ ගායනා
ඒ නදින් මොනරාන රංගන නන්දනා ...//

මා ඔබෙ නම් ඔබ මා සතු අනුරාගීතයයි
නාඹර අතු අග පොකුරු පොකුරු මල් ගී ගයයි

පාට සරුංගල් වාගේ කීවත් ජීවිතේ
ඊට වඩා යස දේදුනු පායයි මා සිතේ

ආදරේ හැංගී සිනාසේ යාන්තමින්
වාසනාවන් එයි පියාඹා හංසයින් //

ඔබෙ නාමින් මා පමණි පිරූයේ පාරමී
ඔබෙ පා සිඹිනා දූවිලි වුව සිපගන්නෙමී

පාට සරුංගල් වාගේ කීවත් ජීවිතේ
ඊට වඩා යස දේදුනු පායයි මා සිතේ

සීත සමීරේ
සිනා සුරල් මැද
පිපුණු දෙළුම් මල්
අපි දෙන්නා ළඟ //

මා ජීවනේහී ආකාසේ ඔබ චන්ද්‍රයා
මල් දුනු පළඳා දැන් දැන් ඒවී අනංගයා

සීත සමීරේ
සිනා සුරල් මැද
පිපුණු දෙළුම් මල්
අපි දෙන්නා ළඟ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment