Ra Andure Sayure Pawi Song Lyrics - රෑ අඳුරේ සයුරෙ පාවී ගීතයේ පද පෙළ

Ra Andure Sayure Pawi Song Lyrics - රෑ අඳුරේ සයුරෙ පාවී ගීතයේ පද පෙළ
Song Title : Ra Andure Sayure Pawi (රෑ අඳුරේ සයුරෙ පාවී)
ගායනය : ආත්මා ලියනගේ
සංගීතය : ආත්මා ලියනගේ
ගී පද : උපාලි රංජිත් පතිරගේ


රෑ අඳුරේ.. සයුරේ පාවී..
ඈත යාවී.. ඈත යාවී..
ඔඔ.. ඕ.....ඔ ඕ.... ඕ....

දෑතේ සවී හබලේ රැඳී
පාවෙන්නේ රෑ යාමයේ
දෙවියනි ඔබේ සරණය ලැබී
පිරවෙන්නේ මඩියයි අපේ

රෑ අඳුරේ...

වෙරළේ පැලේ සොඳුරිය මගේ
අයදින්නේ පිහිටයි ඔබේ
දෙවියනි ඔබේ සරණය ලැබී
රැකදෙන්නෙ ජීවේ අපේ

රෑ අඳුරේ...

සුළගේ සෙනේ රුදුරුයි වගේ
ඔරුවේ රුවල් බිඳ වැටේ
දෙවියනි ඔබේ සරණය ලැබී
ගෙනයන්න ගොඩබිම වෙතේ

රෑ අඳුරේ...

සයුරේ ජලේ සැමදා මෙසේ
දියවේදො අප ජීවිතේ
දෙවියනි ඔබේ සරණය ලැබේ
කිසිදාක සැකයක් නැතේ

රෑ අඳුරේ...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment