Kadupamula Sita Song Lyrics - කදුපාමුල සිට ගීතයේ පද පෙළ

Kadupamula Sita Song Lyrics - කදුපාමුල සිට ගීතයේ පද පෙළ
Song Title : Kadupamula Sita (කදුපාමුල සිට)
ගායනය : ආත්මා ලියනගේ
සංගිතය : ආත්මා ලියනගේ
තනුව : කාලෝ විජේවීර
ගී පද : සරත් ගුණරත්න


කදුපාමුල සිට දැහැනට සම වැද
මා ගයනා ගී ඔබට ඇසෙනවද
කදු මුදුනේ සිට දිවැස් හෙලනු මැන
ආල වඩන සඳ කිඳුරු ලියේ

මිටියාවත් කදු ශිඛර සිසාරා
සඳ බැස යන තුරු ‍අවර වනපෙතේ
ඔබ කී රහසින් මා සැළුනේ නැත
ඔබ අන්සතු බව මම දැන සිටියේ

ඇල දොල ගංගා සයුර සිසාරා
ඉර නැග එන විට පෙරඹර අහසේ
ඔය නෙතු කැල්මෙන් මා සැළුනේ නැත
ඔබ අන්සතු බව මම දැන සිටියේ

කදුපාමුල සිට දැහැනට සම වැද
මා ගයනා ගී ඔබට ඇසෙනවද
කදු මුදුනේ සිට දිවැස් හෙලනු මැන
ආල වඩන සඳ කිඳුරු ලියේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment