Penena Nopenena Song Lyrics - පෙනෙන නොපෙනෙන ගීතයේ පද පෙළ

Penena Nopenena Song Lyrics - පෙනෙන නොපෙනෙන ගීතයේ පද පෙළ
Song Title : Penena Nopenena (පෙනෙන නොපෙනෙන)
ගායනය : ආත්මා ලියනගේ
පද රචනය : රකිත වාකිෂ්ට
සංගීතය : තිලිණ රුහුණගේ


පෙනෙන නොපෙනෙන දුරක ඉදන්
නුඹ ඇවිත් හිත ලඟට හොරෙන්
ආවාට නොකියාම ජීවිතෙන්
නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්

දකින හිමිවන හීනයේ - නුඹ කොතැන හිටියා
මතක සැමරුම් අතරේ - ජීවිතය තිබුනා
හඩන හිනැහෙන නෙත් නුඹේ - උරහිසේ තිබුනා
ඇත්තමයි නුඹ අහසක් - වගේ..මයි හිතුනා..

නුහුරු නුපුරුදු හීන අරන්
ලඟට ඇවිදින් තුරුළු වෙමින්
ආවාට නොකියාම ජීවිතෙන්
නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්

මිරිඟුවක හිත තියලා - නුඹ දුරක ඇදුනා
රංචු ගැහෙනා රෑනේ - තනිකමක් දැනුනා
ඇසිල්ලක දුටු හීනෙන් - හිත හුඟක් රිදුනා
අරුත නොදකින සෙනෙහේ - ඔය නමත් රැඳුනා

පෙනෙන නොපෙනෙන දුරක ඉදන්
නුඹ ඇවිත් හිත ලඟට හොරෙන්
ආවාට නොකියාම ජීවිතෙන්
නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment