Ma Ahinsakayi Kiyu Song Lyrics - මා අහිංසකයි කියූ ගීතයේ පද පෙළ

Ma Ahinsakayi Kiyu Song Lyrics - මා අහිංසකයි කියූ ගීතයේ පද පෙළ
Song Title : Ma Ahinsakayi Kiyu (මා අහිංසකයි කියූ)
ගායනය : අතුල අධිකාරි
පද : ලලිත් වසන්ත
තනුව : ජයසිරි අමරසේකර


මා අහිංසකයි කියූ
ඔබම රිදුම් දේවී
අපි පැතූ පැතුම් හද සුසුමින්
කැඩී බිඳී යාවී
මගෙ සිත වැලපේවී
ඔබ සිනා සලාවී

මගෙ සිත වැලපේවී
ඔබ සිනා සලාවී

සඳටත් මගෙ දුක දැණුනා
සඳත් කඳුළු බිඳු සැලුවා
පණ මෙන් මට පෙම් කළ ඔබ
පුදුමයි සරදම් කෙරුවා

මා අහිංසකයි කියූ
ඔබම රිදුම් දේවී
අපි පැතූ පැතුම් හද සුසුමින්
කැඩී බිඳී යාවී
මගෙ සිත වැලපේවී
ඔබ සිනා සලාවී

මගෙ සිත වැලපේවී
ඔබ සිනා සලාවී

තරුවක් අහසින් වැටුණා
අහස සිනාසී උන්නා
මා අගයක් නැති හින්දා
අහක බලන් ඔබ යනවා

මා අහිංසකයි කියූ
ඔබම රිදුම් දේවී
අපි පැතූ පැතුම් හද සුසුමින්
කැඩී බිඳී යාවී
මගෙ සිත වැලපේවී
ඔබ සිනා සලාවී

මගෙ සිත වැලපේවී
ඔබ සිනා සලාවී
මගෙ සිත වැලපේවී
ඔබ සිනා සලාවී
මගෙ සිත වැලපේවී
ඔබ සිනා සලාවී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment