Imitation Mala Pote Song Lyrics - ඉමිටේෂන් මාල පොටේ ගීතයේ පද පෙළ

Imitation Mala Pote Song Lyrics - ඉමිටේෂන් මාල පොටේ ගීතයේ පද පෙළ
Song Title : Imitation Mala Pote (ඉමිටේෂන් මාල පොටේ
ගායනය : අතුල අධිකාරී
පද : චන්න ජයනාත්
තනුව : ජයසිරි අමරසේකර


ඉමිටේෂන් මාල පොටේ
පාට ගෑවුණාම ගෙලේ
සඳක් වගේ පායා එන සිනහව මනරම්
හදවත සිපගන්න සුවඳ සැබෑ රත්තරන් //

සක්මන් මළුවට ඉහිරෙන සඳ දිය පිණි බින්දු බින්දු
සරා සඳ වෙලා
මගේම සිත් මල තුරුළට
දේවතාවියක් කුළුඳුල හාදු ගෙනල්ලා

ඉමිටේෂන් මාල පොටේ
පාට ගෑවුණාම ගෙලේ
සඳක් වගේ පායා එන සිනහව මනරම්
හදවත සිපගන්න සුවඳ සැබෑ රත්තරන්

ඉකි බිඳ බිඳ හැඬුව කඳුළු
නින්දෙදි ඇහැ පියවෙනකොට දුරට ගිහිල්ලා
පූජාසනයෙන් තියන්න
සමන් පිච්ච මල් අහුරක් අරං ඇවිල්ලා

ඉමිටේෂන් මාල පොටේ
පාට ගෑවුණාම ගෙලේ
සඳක් වගේ පායා එන සිනහව මනරම්
හදවත සිපගන්න සුවඳ සැබෑ රත්තරන් //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment