Nelawena Sulangath Song Lyrics - නැළවෙන සුළඟත් ගීතයේ පද පෙළ

Nelawena Sulangath Song Lyrics - නැළවෙන සුළඟත් ගීතයේ පද පෙළ

Nelawena Sulangath Song Lyrics - නැළවෙන සුළඟත් ගීතයේ පද පෙළ

Song Title : Nelawena Sulangath (නැළවෙන සුළඟත්)
ගායනය : අතුල අදීකාරී සමග ශෂිකා නිසංසලා
පද : චන්න ජයනාත්
තනුව : ජයසිරි අමරසේකර


නැළවෙන සුළඟත්
සන්සුන් සිතකට
හිරිහැරයක් වෙයි නම්
තරු මල් දෝතක්
ළඟින් තියා ඔබෙ
මම හිමිහිට යන්නම්

සඳ මල් සිපගෙන
එන මඳ සුළඟට
මමත් ආදරෙයි නම්
ලස්සණ ඇස් දෙක
දිහා බලාගෙන
සිතිවිලි නළවන්නම්

රෝස දෙතොල් පෙති
සිනා සලනවා
මල් සුවඳකට බැඳී
පෙම්බර මිහිර දිදී

හාදු අරන් මඟ බලා ඉන්නවා
ඒ මල් සුවඳ බිබී
මගෙ මල් කුමරියණී

සමා වෙන්න ඔය
හිත රිදුණා නම්
නොඉඳුල් පෙම සිහි වී
චුට්ටක් පමා වැඩී

දයාවන්ත රන්වන් සමනලියේ
කුළුඳුල් පෙම සඳකී
සඳවත මම සිඹිමී

නැළවෙන සුළඟත්
සන්සුන් සිතකට
හිරිහැරයක් වෙයි නම්
තරු මල් දෝතක්
ළඟින් තියා ඔබෙ
මම හිමිහිට යන්නම්

සඳ මල් සිපගෙන
එන මඳ සුළඟට
මමත් ආදරෙයි නම්
ලස්සණ ඇස් දෙක
දිහා බලාගෙන
සිතිවිලි නළවන්නම්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment