Dansal Langa Song Lyrics - දන්සල් ළඟ ගීතයේ පද පෙළ

Dansal Langa Song Lyrics - දන්සල් ළඟ ගීතයේ පද පෙළ
Song Title : Dansal Langa (දන්සල් ළඟ)
ගායනය : අතුල අධිකාරී සමග සමිතා එරන්දතී මුදුන්කොටුව
පද : ආචාර්ය අජන්තා රණසිංහ
තනුව : අතුල අධිකාරී


දන්සල් ළඟ පෝලිම් වල
සෝපාකලා
සතර අවා ගිනි නිවෙනා දා
සුදහ ගින්දරේ
බලා හිඳින්නෝ //

නාවර පෙරෙණා මුහුණින්
කඳුළු මිදුණු ගිජු දෑසින්
දස දහසක් සක්වළ වට
අමාවතුර ගලනා දා
පයිප්පයේ දුමුරු වතුර
බෙලෙක් පිඟානේ පුරවා
මුවින් උරා බොන්නෝ
සෝපාකලා

දන්සල් ළඟ පෝලිම් වල
සෝපාකලා
සතර අවා ගිනි නිවෙනා දා
සුදහ ගින්දරේ
බලා හිඳින්නෝ

පදික වේදිකා නිවසේ
මව් සෙනෙහස විඳ නැතියෝ
සියල් සතට තුන් ලොවටම
අමා මෑණි බිහිවූ දා
පුතේ කියා මවක මුවින්
කිරි වදනක් නෑසූවෝ
අදත් ඉඳිති නාඬා
සෝපාකලා

දන්සල් ළඟ පෝලිම් වල
සෝපාකලා
සතර අවා ගිනි නිවෙනා දා
සුදහ ගින්දරේ
බලා හිඳින්නෝ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment