Oba Ma Laga Eda Wage Song Lyrics - ඔබ මා ළඟ එදා වගේ ගීතයේ පද පෙළ

Oba Ma Laga Eda Wage Song Lyrics - ඔබ මා ළඟ එදා වගේ ගීතයේ පද පෙළ
Song Title : Oba Ma Laga Eda Wage (ඔබ මා ළඟ එදා වගේ)
ගායනය : මහාචාර්ය සනත් නන්දසිරි
පද රචනය : රොඩ්නි විදානපතිරණ
තනුව : මහාචාර්ය සනත් නන්දසිරි


ඔබ මා ළඟ එදා වගේ
හින් හඬින් දොඩණු ඇවිත්
අප හමුවූ නිහඬ මාවතේ
ආදර හිත තාම රිදුම් දේ //

විඩා දැනේ මගේ ලොවේ තනිය ළඟාවී
සිනා නැඟේ ඔබේ ලොවේ කඳුළ නිමාවී //
මගේ පැතුම් බිඳී ගියේ ඉසුරු නැති නිසා

ඔබ මා ළඟ එදා වගේ
හින් හඬින් දොඩණු ඇවිත්
අප හමුවූ නිහඬ මාවතේ
ආදර හිත තාම රිදුම් දේ

පාර දිගේ කුසුම් පිපී සුවඳ ගලාවී
අපේ කතා සුළං දැලෙන් වසා දමාවී //
මගේ පැතුම් බිඳී ගියේ ඉසුරු නැති නිසා

ඔබ මා ළඟ එදා වගේ
හින් හඬින් දොඩණු ඇවිත්
අප හමුවූ නිහඬ මාවතේ
ආදර හිත තාම රිදුම් දේ //

ආදර හිත තාම රිදුම් දේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment