Akase Wala Pelin Song Lyrics - ආකාසේ වලා පෙළින් ගීතයේ පද පෙළ

Akase Wala Pelin Song Lyrics - ආකාසේ වලා පෙළින් ගීතයේ පද පෙළ
Song Title : Akase Wala Pelin (ආකාසේ වලා පෙළින්)
ගායනය : සමිතා මුදුන්කොටුව සහ අතුල අධිකාරී
පද : හේමසිරි හල්පිට
තනුව : සංගීත් වික්‍රමසිංහ


ආකාසේ වලා පෙළින් ඈත එහා කොදෙව්වේ

ආකාසේ වලා පෙළින් ඈත එහා කොදෙව්වේ
ඔබ හා මා රැඳී ඉන්න එන්න සීත දනව්වේ
අසා මගේ ගී රාවේ රසේ මවාලා
ඔබ ගයාවි මේ ගී තාලේ සිනා සලාලා
ජීවිතයේ සුන්දර දවසක හමුවීලා
ආරාධනා කළා
සත් සර ගලා ගියා
සතුටින් ගයා රඟා ඔබත් සිතින් උදම්වෙලා
හයි හයි..

හයි හයි..

සිහිල් පවන් හමාවී
නැවුම් සුගන්දයක් දී

සිහිල් පවන් හමාවී
නැවුම් සුගන්දයක් දී
දේදුන්නේ පාටට ළංවී
අවුල් තැවුල් නිමාවී
නිමේෂයක් හිඳීවී
ආදරයෙන් දෑත් බැඳේවී
ජීවිතයේ සුන්දර දවසක හමුවීලා

ආරාධනා කළා
සත් සර ගලා ගියා
සතුටින් ගයා රඟා ඔබත් සිතින් උදම්වෙලාහයි හයි..

හයි හයි..
 
හිතේ පැතුම් පිපේවී
අළුත් හැඟුම් කියාදී

හිතේ පැතුම් පිපේවී
අළුත් හැඟුම් කියාදී
මේ මල් යායේ නැළවේවී
අපේ රහස් කතාවී
වසන්තයක් උදාවී
කාටත් සැනසීම ලැබේවී
ජීවිතයේ සුන්දර දවසක හමුවීලා

ආරාධනා කළා
සත් සර ගලා ගියා
සතුටින් ගයා රඟා ඔබත් සිතින් උදම්වෙලා

අයි අයි අඅයි අඅයි අයිය අයයි අඅයියා

ආකාසේ වලා පෙළින් ඈත එහා කොදෙව්වේ
ඔබ හා මා රැඳී ඉන්න එන්න සීත දනව්වේ
අසා මගේ ගී රාවේ රසේ මවාලා
ඔබ ගයාවි මේ ගී තාලේ සිනා සලාලා
ජීවිතයේ සුන්දර දවසක හමුවීලා
ආරාධනා කළා
සත් සර ගලා ගියා
සතුටින් ගයා රඟා ඔබත් සිතින් උදම්වෙලා ////

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment