Ammi Ro Royi Song Lyrics - අම්මි රොරොයි ගීතයේ පද පෙළ

Ammi Ro Royi Song Lyrics - අම්මි රොරොයි ගීතයේ පද පෙළ
Song Title : Ammi Ro Royi (අම්මි රොරොයි)
ගායනය : සමිතා මුදුන්කොටුව
ගී පද : ආචාර්ය අජන්තා රණසිංහ
සංගීත නිර්මානය : අතුල අධිකාරි


අම්මි රොරොයි
රොයි රෝ රෝ
රොයි කැකුළී
රොයි රෝ රෝ

අම්මි රොරොයි
රොයි රෝ රෝ
රොයි කැකුළී (ටලල්ලා)
රොයි රෝ රෝ

අම්මි රොරොයි (ටලල්ලා)
රොයි රෝ රෝ
රොයි කැකුළී (අම්මි රොරොයි රොයි රෝ රෝ)
රොයි රෝ රෝ (ලා ලා ලා ල ලා ලා ලා)
රොයි කැකුළී
රොයි රෝ රෝ

ඇට මාලේ කන් තෝඩු
වැල් පබළු විසිරේදෝ
මේ නයිපනික්කියො
රෑහේ ළමිස්සියො
ප්‍රේමාලේ බැන්දම වැරදියි
තහනම් වූ ආලෙට
කරකාර බන්දන
දෑවැද්ද වයිරොඩි නැතිලූ

අයියණ්ඩී ඇහුණාදෝ
මේ කඳුළු මිල නැතිලු
අශෝකමාලා නෑනෝ
නුඹෙ ආලේ එහෙනම් හරිදෝ

ඇට මාලේ කන් තෝඩු
වැල් පබළු විසිරේදෝ
පුර පෝය දොහකදි
වෑ කණ්ඩි වතුරක
වන මැද්දේ ආලේ වැරදියි
රවිකිඤ්ඤා ගහගෙන
හිඟමන් ඉල්ලාගෙන
සංසාර වීදියෙ යමු මේ

අම්මි රොරොයි (අම්මි රොරොයි)
රොයි රෝ රෝ (රොයි රෝ රෝ0
රොයි කැකුළී (රොයි රෝ රෝ)

අශෝකමාලා නෑනෝ (ටලල්ලා)
නුඹෙ ආලේ යුද්දේ දිනුවාදෝ (ටලල්ලා)

අම්මි රොරොයි
රොයි රෝ රෝ
රොයි කැකුළී
රොයි රෝ රෝ
තල් අත්ත යට පාළු මහ රෑ (අම්මි රොරොයි රොයි රෝ රෝ)
නාඩන්න අයියණ්ඩි හූල්ලා (රොයි කැකුළී රොයි රෝ රෝ)
කෝ පුල්ලෙයාර් සාමි සාමි (අම්මි රොරොයි රොයි රෝ රෝ)
තේවානි අම්මා කොහිදෝ (රොයි කැකුළී රොයි රෝ රෝ)
අශෝකමාලා නෑනෝ (අම්මි රොරොයි රොයි රෝ රෝ)
කෝ පුල්ලෙයාර් සාමි සාමි

අශෝකමාලා නෑනෝ (අම්මි රොරොයි රොයි රෝ රෝ)
තේවානි අම්මා කොහිදෝ (රොයි කැකුළී රොයි රෝ රෝ)
නුඹෙ ආලේ යුද්දේ දිනුවාදෝ (අම්මි රොරොයි රොයි රෝ රෝ)
අශෝකමාලා නෑනෝ (රොයි කැකුළී රොයි රෝ රෝ)
නුඹෙ ආලේ එහෙනම් හරිදෝ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment