Arunu Wala Song Lyrics - අරුණු වලා ගීතයේ පද පෙළ

Arunu Wala Song Lyrics - අරුණු වලා ගීතයේ පද පෙළ
Song Title : Arunu Wala (අරුණු වලා)
ගායනය : අමරසිරි පීරිස්
පද රචනය : කුමාරදාස සපුතන්ත්‍රී
තනුව හා සංගීතය : ආචාර්ය රෝහණ වීරසිංහ


අරුණු වලා පෙළ නැඟෙනු බලා
රන'ඹර අවදි වෙලා
කිරණ සලා මිහි මඬල දොවා
සුරිය මල පිපිලා //

ගලා හැලේ මේ උදේ සිතෙන් සිත
පහන් හැඟුම් පිරිලා
පොළෝ තලේ සත් පියුම් ලෙසින් ඇත
මිනිස් මහිම පිරිලා

අරුණු වලා පෙළ නැඟෙනු බලා
රන'ඹර අවදි වෙලා
කිරණ සලා මිහි මඬල දොවා
සුරිය මල පිපිලා

දොරින් දොරට සුභ පැතුම් පුදා යන
සිහිල් නලින් සැරසී
පහන් දොරින් හිරු එබී බලා
නව ලොවෙන් සිනා අයදී

අරුණු වලා පෙළ නැඟෙනු බලා
රන'ඹර අවදි වෙලා
කිරණ සලා මිහි මඬල දොවා
සුරිය මල පිපිලා //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Arunu Wala Song Lyrics - අරුණු වලා ගීතයේ පද පෙළ Arunu Wala Song Lyrics - අරුණු වලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 07, 2022 Rating: 5

0 comments:

Post a Comment