Warahili Anda Song Lyrics - වැරහිලි ඇඳ ගීතයේ පද පෙළ

Warahili Anda Song Lyrics - වැරහිලි ඇඳ ගීතයේ පද පෙළ
Song Title : Warahili Anda (වැරහිලි ඇඳ)
ගායනය : විශාරද ගුණදාස කපුගේ


වැරහිලි ඇඳ අඩු කුලියට
සළු මැසුව කුමාරි
ඉඳිකටුව අතේ ඇනුණාදෝ
නිදන කුමාරි
වැරහිලි ඇඳ අඩු කුලියට
සළු මැසුව කුමාරි

තණ පලසේ බිම ඔවින දිගා වී
ලැම කිණිසි තුඩක් ඇණුන කුමාරි
කණ කර ගලවා රැයට මුවා වී
මරු රැගෙන ගියේ කොහෙද කුමාරි

වැරහිලි ඇඳ අඩු කුලියට
සළු මැසුව කුමාරි
ඉඳිකටුව අතේ ඇනුණාදෝ
නිදන කුමාරි
වැරහිලි ඇඳ අඩු කුලියට
සළු මැසුව කුමාරි

බිම යකඩ කඳන් වලට මුවා වී
සුදු මිනී වලක් මතුව ගියාවී
සත් පතිනි මවුන් අවදිව ඒවි
උන් උදුරා ගත් සළඹ බිඳිවී

වැරහිලි ඇඳ අඩු කුලියට
සළු මැසුව කුමාරි
ඉඳිකටුව අතේ ඇනුණාදෝ
නිදන කුමාරි
වැරහිලි ඇඳ අඩු කුලියට
සළු මැසුව කුමාරි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment