Dase Viman Dorin Song Lyrics - දෑස‍ෙ විමන් දොරින් ගීතයේ පද පෙළ

Dase Viman Dorin Song Lyrics - දෑස‍ෙ විමන් දොරින් ගීතයේ පද පෙළ
Song Title : Dase Viman Dorin (දෑස‍ෙ විමන් දොරින්)
ගායනය : එච්.ආර්. ජෝතිපාල
පද : කරුණාරත්න අබේසේකර
තනුව : පී.එල්.ඒ. සෝමපාල
1972 දී තිරගතවූ "ආදරේ හිතෙනව දැක්කම" චිත්‍රපටියේ ගීයකි.


දෑස‍ෙ විමන් දොරින්
සිහින රුවන් තිරෙන්
නික්මී ගොළු බසින්
පරෙවි රැජිණ ලෙසින්
ඔබ පියඹා ගොසින්

පැහැය සුවඳ ඇතී
සිහින් සුවඳ පෙතී
රේණු සැලෙන මුදු
පිපුණු මලක් බඳු

දෑස‍ෙ විමන් දොරින්
සිහින රුවන් තිරෙන්
නික්මී ගොළු බසින්
පරෙවි රැජිණ ලෙසින්
ඔබ පියඹා ගොසින්

ඔබේ සළුවෙ වැදී
සිහිල් සුළං ඇදී
හෙමින් සැරේ එබී
මගේ සවන් සිඹී

දෑස‍ෙ විමන් දොරින්
සිහින රුවන් තිරෙන්
නික්මී ගොළු බසින්
පරෙවි රැජිණ ලෙසින්
ඔබ පියඹා ගොසින්

මහද කුටිය පුරා
ඔබ සැරි සර සරා
බෙදයි මියුරු නුරා
ඉඳිමි පෙරුම් පුරා

දෑස‍ෙ විමන් දොරින්
සිහින රුවන් තිරෙන්
නික්මී ගොළු බසින්
පරෙවි රැජිණ ලෙසින්
ඔබ පියඹා ගොසින්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment