Thisara Thudata Song Lyrics - තිසර තුඩට ගීතයේ පද පෙළ

Thisara Thudata Song Lyrics - තිසර තුඩට ගීතයේ පද පෙළ
Song Title : Thisara Thudata (තිසර තුඩට)
ගායනය : ඩබ්ලිව්.ඩී. ආරියසිංහ මහත්මා
සංගීතය : විශාරද ගුණදාස කපුගේ
පද : රත්න ශ්‍රී විජේසිංහ


තිසර තුඩට තුඩ නගන්න ඉඩ හරින්න රාධා
මහද සුරත් නෙලුම් කැකුල දැදුරු වෙන්න පාරා
දුනු දියෙන් මිදී මද රද රාව නගන මීපා
ලලිත ලවන සිඹ රඟන්න ඉඩ හරින්න රාධා

කොලොම් වන හිසේ මුවරද මමන මද පොතේ සීතල
වපුල කලාපේ මංගල යහන් සළුව සෝදා
සුසුම් වලින් වියැලෙන්නට ඉඩ හරින්න රාධා

තිසර තුඩට තුඩ නගන්න ඉඩ හරින්න රාධා
මහද සුරත් නෙලුම් කැකුල දැදුරු වෙන්න පාරා
දුනු දියෙන් මිදී මද රද රාව නගන මීපා
ලලිත ලවන සිඹ රඟන්න ඉඩ හරින්න රාධා

නියඟලා මලින් සෝභන කළිඳු ගං තෙරේ වන ගැබ
දිය ගෙවල පිරුනු උණුසුම නිවාලන්න රාධා
ලහෝ පලු සිහින හෙල්මැලි සඳුන් කල්ප තවරා

තිසර තුඩට තුඩ නගන්න ඉඩ හරින්න රාධා
මහද සුරත් නෙලුම් කැකුල දැදුරු වෙන්න පාරා
දුනු දියෙන් මිදී මද රද රාව නගන මීපා
ලලිත ලවන සිඹ රඟන්න ඉඩ හරින්න රාධා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment