Pemma Surathal Karamin Song Lyrics - පෙම්මා සුරතල් කරමින් ගීතයේ පද පෙළ

Pemma Surathal Karamin Song Lyrics - පෙම්මා සුරතල් කරමින් ගීතයේ පද පෙළ
Song Title : Pemma Surathal Karamin (පෙම්මා සුරතල් කරමින්)
ගායනය : ප්‍රදීපා ධර්මදාස
පද රචනය : ධර්මසිරි රාජපක්ෂ
තනුව හා සංගීතය : ගුණදාස කපුගේ


පෙම්මා සුරතල් කරමින් දෙතනේ කිරි දුන්නා
අම්මා කොහිදැයි කියපන් දෙවිනේ අද සොඳිනා
දැම්මා වැනි ගිනි අහුරක් සිත ඇවිලෙයි සැණිනා
අම්මා සැදූ මල් යහනේ සුවඳ කොහිද මෙදිනා

ගම්මානේ සාගතේට කිරි කඳුළක් වෙමිනා
නිම්මා නැති දුක් ඉවසා පණ ගැටගහ ගමිනා
සම්මා සම්බුදු කී රස බණ සිහිකොට සොඳිනා
අම්මා වැඩි දුක් නුවරට පාර කියන් මෙතිනා

අප නැළවූ සීපද කවි දැනුදු ඇසේ පෙමිනේ
ලප නොමවන් සඳක් වැනිය සුරතල් කළ සොඳිනේ
රෑ හීනෙන් ළඟට ඇවිත් දුක සැප ඇසු පෙමිනේ
සත් සමුදුරු කොනේ ඉඳන් අත වනපන් අම්මේ

හිනාවෙන්න බැරි තරු පොඩි මහලු වෙලා වැන්නේ
මත් වතුරෙන් විකල් වෙලා ගමක් නිදා ගන්නේ
අතු ඉති මල් කරබාගෙන දුකින් වගෙයි ඉන්නේ
කුලී ගෙදර වහල උඩින් සඳක් වෙයන් අම්මේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment