Ulaleno Song Lyrics - උලලේනෝ ගීතයේ පද පෙළ

Ulaleno Song Lyrics - උලලේනෝ ගීතයේ පද පෙළ
Song Title : Ulaleno (උලලේනෝ)
ගායනය : ගුණදාස කපුගේ
පද රචනය : රන්බණ්ඩා සෙනෙවිරත්න
තනුව හා සංගීතය : ගුණදාස කපුගේ


පාළුව දෙවනත් කරලා
නාඬන් උලලේනෝ
කාටත් නපුරු දා තනිකම් ඇතිවෙනවා
උලලේනෝ ....... (ඔඔ ඔඔ ඕ.. ඕ.....)
උලලේනෝ

හීත හුළං හිරිකඩයි
කැලේ අපට උරුමේ
උඹට පිහාටුයි මට පැල්පතයි තියෙන්නේ
උලලේනෝ ....... (ඔඔ ඔඔ ඕ.. ඕ.....)
උලලේනෝ

ඉහිරුණ කිරි කොතලෙට
ඉකි බිඳලා ඵල නෑ
උඹටත් එක්කයි මේ පැල් කවිය කියන්නේ
උලලේනෝ ....... (ඔඔ ඔඔ ඕ.. ඕ.....)
උලලේනෝ

සංසාරේ හැටි තමයි
වියෝග ඇතිවන්නේ
නිවනට ගිය දා මේ හැම දුක් නැතිවන්නේ
උලලේනෝ ....... (ඔඔ ඔඔ ඕ.. ඕ.....)
උලලේනෝ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment