බත් වලින් දොදොල් හදමු (Dodol)

බත් වලින් දොදොල් හදමු (Dodol) - Your Choice Way

අද මං ඔයාලට රසම රස දොදොල් ටිකක් අරන් ආවා 😍😍😍 ඒත් මං මේ දොදොල් හැදුවෙ ඉතුරු උන බත් වලින් . දොදොල් හදන නියම ක්‍රමය මේක නෙමෙයි වුනත් හිටි ගමන් ඇති වෙන පුංචි ආසාවට මේකත් කදිම අදහසක් . පිටරට වල ඉන්න අපේ යාලුවන්ට උනත් හිතුන වෙලාවක පහසුවෙන් ම හදා ගන්න පුලුවන් .

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  •  බත් කෝප්ප  2 ක්
  •  සීනි කෝප්ප  1 ක්
  •  මිටිකිරි කෝප්ප 3 ක්
  •  ලුනු ස්වල්පයක්
  •  එනසාල් කුඩු ටිකක්
  •  අවශ්‍ය නම් කෑලි කපාගත් කජු ටිකක්

✅ සාදා ගන්නා ආකාරය :

  1. 💚 බත් වලට කිරි ට්ක ටික එක් කරමින් සිනිදු පේස්ට් එකක් වනතුරු බ්ලෙන්ඩ් කර පසෙකින් තබන්න.
  2. 💚 දැන් භාජනයක් ගෙන එයට සීනි මේස හැඳි 4ක් වතුර මේස හැඳි  දෙකක් පමණ යොදා සීනි ටික කැරමල් කර ගන්න.
  3. 💚 සීනි කැරමල් වූ පසු ඉතිරි මිටි කිරි ටිකද එකතු කරන්න.
  4. 💚 එයටම ඉතිරි සීනි සහ ලුනු එකතු කරන්න.
  5. 💚 දැන් බ්ලෙන්ඩ් කරගත් බත් පේස්ට් එකත් එකතු කරන්න.
  6. 💚 හොඳින් මිශ්‍ර කරන්න.
  7. 💚 මද ගින්දරේ දිගටම හැඳි ගාන්න.
  8. 💚 මිශ්‍රණය ඝන වන විට එනසාල් කුඩු, අවශ්‍ය නම් කජු එකතු කරන්න.✴️( පැකට් කල පොල් කිරි පාවිච්චි කරන අය මේ ඝන වීගෙන එද්දි දෙතුන් වතාවකදී තෙල් මේස හැඳි 3ක් පමණ එකතු කරමින් දිගටම හැඳි ගාන්න.)
  9. 💚 දිගටම හැඳි ගාන්න .
  10. 💚 මිශ්‍රණය එක ගුලියක් ලෙස එකට එකතු වූ විට තෙල් තවරා ගත් බන්දේසියක අතුරා නිවුනු පසු කෑලි කපා ගන්න. ( වැඩිපුර ඇති තෙල් බේරා ඉවත් කරන්න )
✴️ දවස් දෙක් තුනක් පරණ වෙද්දී වඩාත් රසයි  😍😍

හෙළයේ රස මිහිර
බත් වලින් දොදොල් හදමු (Dodol) - Your Choice Way

බත් වලින් දොදොල් හදමු (Dodol) - Your Choice Way

බත් වලින් දොදොල් හදමු (Dodol) - Your Choice Way
අපගේ page එකටත් like කරන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment