Nilupulaka Yawela Song Lyrics - නිලුපුලක යාවෙලා ගීතයේ පද පෙළ

Nilupulaka Yawela Song Lyrics - නිලුපුලක යාවෙලා ගීතයේ පද පෙළ
Song Title : Nilupulaka Yawela (නිලුපුලක යාවෙලා)
ගායනය : ගුණදාස කපුගේ
පද රචනය : ලූෂන් බුලත්සිංහල
තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ


නිලුපුලක යාවෙලා
දෙනුවන් ඇගේ
සිතුවම් වෙලා පිපේ
කඳුළැලි විලේ //

උපුලී නුවන් තෙමා
හඬනා වෙලාවේ
මේ විල් තෙරේ මා
ඇයි තනිවුනේ
නිසලයි දියේ රෑ
සෙවණැලි ඇඳීලා
දියඹට බියයි හද ආසා
මේ රාත්‍රියේ

නිලුපුලක යාවෙලා
දෙනුවන් ඇගේ
සිතුවම් වෙලා පිපේ
කඳුළැලි විලේ

ගැඹරේ කළල් දියේ
උපුලී උපන්නේ
රෑ රොන් සළාලා
මැලවෙන්නදෝ
අරුණෝදයේ මා
හෙට එමි සොයාලා
මැලවෙන්න පෙර මා දෝතින්
නෙළමී ප්‍රියේ

නිලුපුලක යාවෙලා
දෙනුවන් ඇගේ
සිතුවම් වෙලා පිපේ
කඳුළැලි විලේ
නිලුපුලක යාවෙලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment