Oba Pem Karana Obe Kumari Song Lyrics - ඔබ පෙම් කරණා ඔබේ කුමාරී ගීතයේ පද පෙළ

Oba Pem Karana Obe Kumari Song Lyrics - ඔබ පෙම් කරණා ඔබේ කුමාරී ගීතයේ පද පෙළ
Song Title : Oba Pem Karana Obe Kumari (ඔබ පෙම් කරණා ඔබේ කුමාරී)
ගායනය : විශාරද ගුණදාස කපුගේ
පද රචනය : සුනිල් ආර්. ගමගේ
තනුව : විශාරද ගුණදාස කපුගේ


ඔබ පෙම් කරණා ඔබේ කුමාරී
ඔබට ආදරෙයි කියනා අයුරින්
පෙර දවසක මා පෙම් කරණා සඳ
මට ද ආදරෙයි කියා තිබේ
ඔබ පෙම් කරණා ඔබේ කුමාරී
මට ද ආදරෙයි කියා තිබේ

සාගර වෙරළේ සොඳුරු සැඳෑවක
රඟහල කෙළවර අඳුරු නිමේෂෙක
අද ඔබ ළඟ ඔබ සනසාලන ඇය
පෙර දවසක මා තුරුළට වී හිඳ
මටද ආදරෙයි කියා තිබේ
ඔබ පෙම් කරණා ඔබේ කුමාරි
මටද ආදරෙයි කියා තිබේ

සක්මන් මළුවක දෙපා ගෙවෙද්දී
දොඩමළු පෙම් බස් ගොළුවී යද්දී
මා සමුගෙන ඔබ වෙතට පැමිණි ඇය
සනහස සඟවා දෙනෙත නුරාවෙන්
මටද ආදරෙයි කියා තිබේ
ඔබ පෙම් කරණා ඔබේ කුමාරී
මටද ආදරෙයි කියා තිබේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment