Masha Song Lyrics - මාශා ගීතයේ පද පෙළ

Masha Song Lyrics - මාශා ගීතයේ පද පෙළ
Song Title : Masha (මාශා)
ගායනය : කසුන් කල්හාර
සංගීතය : කසුන් කල්හාර
ගී පද : කසුන් කල්හාර


සද ඕනා නුරා තොල් පෙති ඇති සීතල සද ඕනා
හිත ඕනා පුරා මල් පෙති ඇති රෝහිත මට ඕනා
අර පේනා ඈතින් පායා අරුමෝසම් පෑ නිල් සද ඕනා
ඈතින් පේනා අහසේ පායා අරුමෝසම් පෑ

මාශා සොයා තාමත් නොයා
බලා හිදී මේ දෙනෙත් විදාලා //

දේදුන්නේ..නෑ සායම් ගෑ මායම් නෑ
තාමත් කාගෙද නෑ
ඒ මුහුනේ..ගෑ වත්සුනු නෑ තවරා නැ
කිදුරන් වාගෙම නෑ‍
නවතාලා - සිත විමසාලා - තරු ඉගි පානා
ඈ මට ඕනා
ඈ නවතාලා - තරුඉගි පාලා - හිත විමසාලා

රෑ වීලා රෑ ඕනැ නෑ - තාමත් ඈ දුර නැ
ආකාසේ රෑ තහනම් නැ අහුරන් නෑ
තාමත් ඈ ලග නෑ...
කොදුරාලා - රහසින් කීවා
තව ලං වීලා - සිප ගන්ඕනා
ඈ කොදුරාලා - රහසින් කීවා
තව ලං වීලා

මාශා වෙනදා මෙන් රතු තොල් පෙති දැනුනේ නැ
සැලුනේ නැ - වෙනදා මෙන් ඔය නෙතගන සැලුනේ නෑ
අහසේ නෑ සිතිජ ඉමේ නැ
නෙත් මානේ නෑ ආයෙත් එන්නෑ
රෑ අහසේ නෑ සිතිජ ඉමේ නෑ
නෙත් මානේ නෑ

මාශා සොයා සියොතුන් පවා
ඔහේ ගියා පියාපත් විදාලා //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment