Mamayi Mottapala Song Lyrics - මමයි මොට්ටපාල ගීතයේ පද පෙළ

Mamayi Mottapala Song Lyrics - මමයි මොට්ටපාල ගීතයේ පද පෙළ
Song Title : Mamayi Mottapala (මමයි මොට්ටපාල)
ගායනය : ෆ්‍රෙඩී සිල්වා


මමයි මොට්ටපාල දොට්ට දැම්ම පාසලෙන්
හෝ හෝ පාසලෙන්
හා හා පාසලෙන්
වෙට්ටපිත්තල වී සිටිමි කවට කම් වලින්
අපේ ටීචර් මට මේ නම දැම්මේ //

වවන්නෝම දිනන්නෝය ටීචර් කිව්වා
එදා පටන් මමත් මගේ කොණ්ඩය වැවුවා
මගේ ගජ මිතුරා
මගේ ගජ මිතුරා රාළහාමි මං පැරදෙව්වා
සව් දෙදොලුයි මිරිස් මාළු දවසක් කැව්වා
හෝඩියෙ අවුරුදු දහයක් පොල් ගාලයි මම පළවෙනියට පැන්නේ
හෝඩියෙ අවුරුදු දහයක් පොල් ගාලයි පැන්නේ
දන්න දේකුත් මම නොදන්න දේකුත් නැහැ ලෝකේ //

මමයි මොට්ටපාල දොට්ට දැම්ම පාසලෙන්
හෝ හෝ පාසලෙන්
හා හා පාසලෙන්
වෙට්ටපිත්තල වී සිටිමි කවට කම් වලින්
අපේ ටීචර් මට මේ නම දැම්මේ

කොයි වැඩටත් ලැබෙන ඉන්න රවුමට ලොකුවෙන්
බිංදුවටයි වරඩිය ආස ඉලක්කම් වලින්
අල්ප ද යන්නටයි
ඕ අල්ප ද යන්නටයි මං ආස අකුරු හෝඩියෙන්
කොන්ද වකුටු අපෙ ටීචර් සිහිවෙයි ඒකෙන්
එකොළහ මට ‍එකෙන් බෙදන්නට පුළුවන් කජු කන්නා වාගේ
එකොළහ මම ‍එකෙන් බෙදනවා කජු වාගේ
දන්න දේකුත් මම නොදන්න දේකුත් නැහැ ලෝකේ //

මමයි මොට්ටපාල දොට්ට දැම්ම පාසලෙන්
හෝ හෝ පාසලෙන්
හා හා පාසලෙන්
වෙට්ටපිත්තල වී සිටිමි කවට කම් වලින්
අපේ ටීචර් මට මේ නම දැම්මේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment