මියගිය නිවුන් සහෝදරියගේ ආත්මය (Sisiter)

මියගිය නිවුන් සහෝදරියගේ ආත්මය (Sisiter) - Your Choice Way

මං පවුලේ තුන්වෙනියා.ඒ උනාට දැන් හතර දෙනෙක් ඉන්නවා.ඔක්කොම ගෑනු ලමයි.මට නංගියෙක් ඉන්නවා.එයා නිවුන්නු.ඒත් එක නංගියෙක් නැති උනා.ඒකයි කිව්වේ දැන් ඉන්නේ හතරයි කියලා.

කොහොම උනත් මට අවුරුදු පහේදී තමා අපේ අම්මට බබාල දෙන්නෙක් ලැබුනේ.ඒ දෙන්නා හරිම චූටියි.එක්කෙන් පොඩ්ඩක් දුර්වලයි.අම්මගේ බඩේ ඉන්න කාලේ ජරා වතුර පෙවිලා එයා ලෙඩ වෙලා.ඉපදිලා මාස එක හමාරයි ජීවත් වෙලා හිටියේ එයා.කොහොම උනත් මළ ගෙදර නම් මට එච්චරටම මතකයක් නෑ මං පොඩි නිසා.ඒකත් එහෙම ටික කාලයකින් පොඩ්ඩ පොඩ්ඩ හිත් වලින් අයින් වෙලා ගියා. ඒත් මං හය වසරෙදි විතර මං අපේ අනිත් නංගී එක්ක ගෙදර පිටිපස්සේ කාමරේ නිදාගත්තේ.අපි දෙන්න විතරයි ඒ කාමරේ හිටියේ.රෑ එක පාරටම මට ඇහැරුනා.මං නිදාගෙන හිටියේ ඇදේ කෙලවරේ.නංගී බිත්තිය පැත්තේ.මට පේනවා කවුරු හරි මගේ කකුල් දෙක ගාව හිටගෙන ඉන්නවා.එයා අපේ මේ ඉන්න නංගිගේ සයිස්මයි උසත්.කලුවර නිසා පෙනුන්නෑ හරියටම.ඒත් මට යන්තන් පේනවා එයා මගේ දිහා බලන් ඉන්නවා.අපේ නංගී වගේමයි.මං අනිත් පැත්ත හැරිලා බැලුවා නංගී කෝ කියලා.එයා හොදටම කොට්ටයක් බදාගෙන නිදි.මං ආයෙත් කකුල් දෙක පැත්ත බැලුවා.එයා තාම ඉන්නවා.මං පුලුවන් තරම් හයියෙන් අම්මේ කියලා කෑ ගැහුවට සද්දේ පිට වෙන්නෑ.උගුර හිර වෙලා වගේ මං ඊට පස්සේ ඇස් දෙක පියාගෙන හිටියා.මට ඒ වෙලාවේ ගාථා නම් මතක් උනේ නෑ.මං කොච්චර කෑ ගැහුවත් සද්දේ නම් පිට උනේ නෑ.

මං ඇස් දෙක අරින්නැතුව හිටියා බයටම.නින්ද යන්නෙත් නෑ.මට හරි උවමනාව කකුල් දෙක ගාව ඉන්න කෙනා ගියාද බලන්න.ඒත් බය නිසාම ඇස් වහන් හිටියා.මට ඉබේටම නින්ද ගියා ඊට පස්සේ.

මං ඔය කතාව දවස් දෙකක් විතර හිතේ හිරකරන් හිටියා.කාටවත්ම කිව්වේ නෑ.මං ආයෙත් අපේ නංගී එක්ක නිදා ගන්න ගියේ නෑ.නංගී එක්ක පොඩි අක්කා නිදා ගන්න ගියා.එතකොට දොරවල් වල කර්ටන් තිබුනේ නෑ.පොඩි අක්කත් රෑ මැද ඇහැරිලා.එයා දැක්කලු කවුද කෙනෙක් දොර ගාවින් යනවා.අපේ ගෙදර එලියේ ලයිට් දාලා නිදා ගන්නේ.ඒ ලයිට් එලිය කාමරේටත් වැටෙනවා.ඒ එලියෙන් එයා දැකලා තියෙන්නේ.

පහුවෙනිදා උදේ අක්කා ඔය සිද්දිය අම්මට කිව්වා.ඒ වෙලාවේ මමත් මට උන දේ කිව්වා.මට දෙයියන්ගේ පිහිටෙන් එදා ඉදන් මුකුත් කරදරයක් නම් උනේ නෑ.ඉතින් ඕක තමා කතාව

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment