Lagadi Papayi Song Lyrics - ලගඩි පපයි ගීතයේ පද පෙළ

Lagadi Papayi Song Lyrics - ලගඩි පපයි ගීතයේ පද පෙළ
Song Title : Lagadi Papayi (ලගඩි පපයි)
ගායනය : ෆ්‍රෙඩී සිල්වා
පද : බැසිල් ද සිල්වා
සංගීත නිර්මානය : චන්ද්‍රලාල් ෆොන්සේකා


ලගඩි පපයි නොන්ඩි ජුවයි රා බීගෙන වෙරි මතේ
දෙන්න එක්ක ගමනක් ගියා රෑ කලුවරෙ හිතුමතේ //
ජුවා එහට වැනෙනවා ලගඩි මෙහාට වැනෙනවා
සුළඟට විසිවෙන ගානට මේ දෙන්න සැපට වැනෙනවා

මේක දැකපු කළු බල්ලෙක් බුරන්න ගත්තා
ලගඩියාට ඒ වැඩේට හොඳටම නැග්ගා
ඒ බල්ලට දෙන්න එක්ක හොඳට බනින්වා
කළු බල්ලත් අරින්නෙ නෑ ඌත් බුරනවා

ජුවා එහට වැනෙනවා ලගඩි මෙහාට වැනෙනවා
සුළඟට විසිවෙන ගානට මේ දෙන්න සැපට වැනෙනවා

මේ සද්දෙට අහල පහල මිනිස්සු ආවා
කවුද බොලේ කියල එකෙක් පොල්ලක් ගත්තා
අපි කාටද බය කිය කිය දෙන්න වැනෙනවා
බල්ල ඇවිත් ලගඩියාගෙ සරමෙ එල්ලුනා

ජුවා එහට වැනෙනවා ලගඩි මෙහාට වැනෙනවා
සුළඟට විසිවෙන ගානට මේ දෙන්න සැපට වැනෙනවා

සරම කඩන් බල්ල පැන්න මේ අහපල්ලා
ලගඩියගෙයි නොන්ඩියගෙයි වෙරි ටික හිඳූණා
පොඩ්ඩක් කට ගාගත්තම කට දොඩවනවා
තව පොඩ්ඩෙන් පොලු වහන්සෙ ඔලුවට එනවා

ජුවා එහට වැනෙනවා ලගඩි මෙහාට වැනෙනවා
සුළඟට විසිවෙන ගානට මේ දෙන්න සැපට වැනෙනවා
ජුවා එහට වැනෙනවා ලගඩි මෙහාට වැනෙනවා
වැනි වැනි යන මේ දෙන්නට කළු බල්ලත් බුරනවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment