Karadiya Sulagata Song Lyrics - කරදිය සුළඟට ගීතයේ පද පෙළ

Karadiya Sulagata Song Lyrics - කරදිය සුළඟට ගීතයේ පද පෙළ
Song Title : Karadiya Sulagata (කරදිය සුළඟට)
ගායනය : නිරෝෂා විරාජිනී
පද : නිලාර් එන්. කාසිම්
තනුව : සරත් දසනායක


කරදිය සුළඟට සුසුමක් හැරදා
මුරකුටියේ නිදි වැරුවද අයියණ්ඩී
හිත තුළ තෙරපෙන සිතිවිලි පොදි බැඳ
ගිනි අවියටදැයි කියන්නෙ ළං ළංවී
මරණය අත වනනා යුද දොරකඩ
ළය දරදඬුදැයි කියන්න සන්සුන්වී
කඳවුර ළඟ දූවිලි සුළඟේවත්
හසුනක් අමුණා එවපන් අයියණ්ඩී

නිදිමත ඉසිලූ දෑසට
කඳුළැලි බර වැඩිදෝ
සිතිවිලි ගොළුවුණු රෑකට
ඝණඳුර කළු වැඩිදෝ
වෙඩි හඬ නෑසෙන ඈතක
හිත ඉගිලී යාදෝ
පුපුරණ විට ළඟ පාතක
සිහිනය මියැදේදෝ

කරදිය සුළඟට සුසුමක් හැරදා
මුරකුටියේ නිදි වැරුවද අයියණ්ඩී
හිත තුළ තෙරපෙන සිතිවිලි පොදි බැඳ
ගිනි අවියටදැයි කියන්නෙ ළං ළංවී

කවි පද ලියවුණු දෑතට
ගිනි අවි බර වැඩිදෝ
සීපද මිමුණූ රෑකට
වෙඩි හඬ රළු වැඩිදෝ
නිහඬව සුසුමක යා කළ
දුක සුළඟෙක යාදෝ
සිහිනය සුපිපෙන ඈතට
දුර කොයි කොතරම්දෝ

කරදිය සුළඟට සුසුමක් හැරදා
මුරකුටියේ නිදි වැරුවද අයියණ්ඩී
හිත තුළ තෙරපෙන සිතිවිලි පොදි බැඳ
ගිනි අවියටදැයි කියන්නෙ ළං ළංවී
මරණය අත වනනා යුද දොරකඩ
ළය දරදඬුදැයි කියන්න සන්සුන්වී
කඳවුර ළඟ දූවිලි සුළඟේවත්
හසුනක් අමුණා එවපන් අයියණ්ඩී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment